නීතිය පවත්වාගෙන යාමට සහය දෙන්න - අගවිනිසුරු ඉල්ලයි.

Wednesday, 23 January 2013 - 12:43

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

රටේ නීතිය පවත්වාගෙන යාම සඳහා සියලූ දෙනාගේ සහය තමන් බලාපොරොත්තු වන බව අගවිනිසුරු මොහාන් පීරිස් ප්‍රකාශ කළා. නව අගවිනිසුරුවරයා නිල වශයෙන් පිළිගැනීමේ උත්සවය අද පෙරවරුවේ උපරිමාධිකරණ සංකීර්ණයේදී පැවැත්වුණා. එම අවස්ථාවට එක්වෙමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ. අගවිනිසුරුවරයා පිළිගැනීමේ නිල උත්සවයට විනිසුරුවරුන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ නීතිඥවරු විශාල පිරිසක් එක්ව සිටි බව සඳහන්. මෙහිදී නීතිපති පාලිත ප්‍රනාන්දු, ජනාධිපති නීතිඥ රසීක් සරූක් ද උත්සව සභාව අමතා තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම උත්සවයට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලධාරීන් එක්ව සිටියේ නැහැ. සාමාන්‍ය සම්ප්‍රදාය වන්නේ නව අගවිනිසුරුවරයා පිළිගැනීමේ නිල උත්සවයේදී නීතිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා පිළිගැනීමේ කතා සිදුකිරීමයි. එහෙත් නීතිඥ සංගමය ප්‍රකාශ කළේ පසුගිය මස 15 වැනිදා මහ සභා රැස්වීමේදී ගනු ලැබූ තීරණයකට අනුව මෙම පිළිගැනීමේ උත්සවයට තම සංගමයේ නිලධාරීන් එක් නොවන බවයි.

මේ අතර, මෙම උත්සවය ආවරණය කිරීම සඳහා මාධ්‍ය ආයතනවලට අවසර ලබාදී තිබුණේ නැහැ.

rn


[JPG]51971_1[/JPG]

rn


[JPG]51971_2[/JPG]



මාළිගාවත්ත වෙඩි තැබීම ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
Tuesday, 02 June 2020 - 9:50

මාළිගාවත්ත, ලක්සෙත සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පුද්ගලයෙකුට... Read More

සොයිසාපුර ආපනශාලාවට වෙඩි තැබීමේ සිද්ධියට තවත් අයෙකු අත්අඩංගුවට
Tuesday, 02 June 2020 - 9:02

මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට මෝටර් රථයකින් පැමිණ... Read More

නිසර්ගා සුළි සුළඟ මුම්බායි පුරවරයට ළංවෙයි
Tuesday, 02 June 2020 - 8:47

අරාබි මුහුදේ හට ගෙන බටහිර දිග ඉන්දියාවට හමා එන නිසර්ගා සුළි... Read More