13 ට කැප වෙනවා - ඇමති ජී.එල්ගෙන් ඉන්දියාවට සහතිකයක්.

Wednesday, 23 January 2013 - 12:44

13+%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ලක් රජය කැපවී කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පවසනවා. දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින විදේශ කටයුතු අමාත්‍යවරයා ඊයේ (22) නවදිල්ලි නුවරදී ඉන්දීය විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඞ් හමුවුණා. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ 13 වන සංශෝධනය මෙරට ව්‍යවස්ථාවේ වැදගත් අංශයක් බවයි. 13 වන සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බවට පසුගිය කාලයේ ඉන්දියාවෙන් ද විවිධ බලපෑම් එල්ල වුණා. ආණ්ඩුව විවිධ පක්ෂවල එකතුවක් බැවින් 13 වන සංශෝධනය පිළිබඳව විවිධ මත බලාපොරොත්තු විය යුතු බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

ඒෂියන් ඒජ් නමැති වෙබ් අඩවිය සඳහන් කළේ මෙම සාකච්ඡාවේදී බලය බෙදීම පිළිබඳව ඉන්දියාව සෑහීමකට පත්වන්නේ දැයි අමාත්‍ය ජී.එල්.පීරිස් ඉන්දීය විදේශ අමාත්‍යවරයාගෙන් කරුණු විමසා ඇති බවයි. බලය බෙදීම පිළිබඳව සෑහීමකට පත් නොවීමට ඉන්දියාවට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව එහිදී සල්මන් කුර්ෂිඞ් ප්‍රකාශ කර තිබෙනවා.

ජාත්‍යන්තර ත්‍රස්තවාදය සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය මෙන්ම ද්විත්ව බදු වැළැක්වීම යන කරුණුවලට අදාළ ගිවිසුම් දෙකකට ඉන්දු - ශ්‍රී ලංකා නියෝජිතයන් අත්සන් කර තිබෙනවා. ඔවුන් මෙම ගිවිසුම්වලට එළැඹුණේ 08 වැනි ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ රැස්වීම අතරවාරයේදීයි. වෙළඳ සංචාරක සහ ආයෝජන සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා වැදගත්වන පියවරවලට එළැඹීමට ද්විපාර්ශවිකව තීරණය කළ බව මොවුන් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ සඳහන්. ඉදිරි වසර 03 ඇතුළත ඇමරිකානු ඩොලර් බිලියන 10 දක්වා ද්විපාර්ශවික වෙළඳ ගණුදෙනු දෙගුණ කිරීමේ අරමුණ ඇතිව සියලූ කොටස්කරුවන් අතර ආර්ථික සහ වෙළඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට උනන්දු කරවීමටද දෙපාර්ශවය තීරණය කර තිබෙනවා.



අනිද්දා සිට නිරිතදිගට වැසි වැඩිවෙයි
Monday, 25 May 2020 - 12:42

බදාදා සිට දිවයිනේ නිරිතදිග කොටසට වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා... Read More

බඹර ප්‍රහාරයකට ලක්වූ තිදරු මවක් ජීවිතක්ෂයට
Monday, 25 May 2020 - 12:22

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින්... Read More

වෙළඳසැලක් සහ මුද්‍රණාලයක් කඩා භාණ්ඩ සහ මුදල් සොරාගෙන
Monday, 25 May 2020 - 11:43

හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම මංසන්ධියේ පිහිටි... Read More