මාතලේ කලාප අධ්‍යාපන කාර්යාලයට චෝදනාවක්.

Wednesday, 23 January 2013 - 16:12

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

මහජන දිනය වූ අද දහවල් මාතලේ කලාප අධ්‍යාපන කාර්යාලයට සේවා පහසුකම් ලබාගැනීමට ගිය තමන් නිලධාරීන් නොමැතිවීම හේතුවෙන් අපහසුතාවයකට පත්වූ බව  සේවා ලබාගැනීමට පැමිණි පුද්ගලයන් කිහිපදෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා. ඔවුන් කියා සිටියේ කාර්යාලයේ නිලධාරීන් සාදයකට සහභාගි වී සිටි බවයි.  

[MP3]s51984[/MP3]

කෙසේ වෙතත් මේ පිළිබඳව මාතලේ කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යක්‍ෂවරයාගෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා. එම චෝදනා ප්‍රතික්ෂේප කළ ඔහු කියා සිටියේ අද කෑම පැයේදී මෙම සිද්ධිය සිදුව ඇති බවයි. එම කාලසීමාව තුළ කාර්යාලයෙන් පිටතට යාම ගැටළුවක් නොවන බවද සහකාර අධ්‍යක්‍ෂවරයා සඳහන් කළා. ප්‍රදේශයේ හිරු වාර්තාකරු කියා සිටියේ කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් විශ්‍රාම යන සහෝදර නිලධාරියෙකුගේ සාදයකට කෑම පැයේදී සහභාගි වී ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories