දෝෂාභියෝගය සහ පැය 48 ගැන ජිනීවා සමුළුවට ශ්‍රී ලංකාවෙන් පිළිතුරු.

Wednesday, 23 January 2013 - 18:53

%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+48+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94.

මාර්තු මාසයේ ජිනීවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව නැගෙන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට ලක් රජය සූදානම් බව අමාත්‍ය මහින්ද සමරසිංහ ප්‍රකාශ කලා. කොළඹ අද (23) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරින්ද ඒ සඳහා සූදානමින් පසුවන බවයි.

මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම ඉදිරියට ගෙනගිය ආකාරය පිළිබඳ ලිඛිත වාර්තා එළඹෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරය සඳහා ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ.

[MP3]s51992_1[/MP3]                        

එහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ හිටපු අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සහ ඊයේ දිනයේ සම්මත කරගත් අපරාධ නඩු විශේෂ විධිවිධාන පනතට ගෙන එන ලැබූ සංශෝධන සමග මානව හිමිකම් සමුළුවේදී එයට මුහුණ දෙන්නේ කෙසේද යන්නයි.

[MP3]s51992_2[/MP3]                      

මේ අතර උගත් පාඩම් කොමිසමේ වාර්තාවට අනුව ජාතික ක්‍රියාකාරී සැලැස්මේ ඇතුළත් කාර්ය විමර්ශන පිළිබඳ වන පුරෝකථන වාර්තාව හෙට ආරක්ෂක ලේකම්වරයා වෙත භාරදීමට නියමිතයි. යුද හමුදාපති ලූතිනන් ජනරාල් ජගත් ජයසූරිය විසින් එය ආරක්ෂක ලේකම්වරයා වෙත භාරදෙනු ඇති.



මෙරට PCR පරීක්ෂණ 54,000 ඉක්මවයි
Monday, 25 May 2020 - 9:01

මෙරටදී සිදුකල PCR පරීක්ෂණ සංඛ්‍යාව 54 දහස ඉක්මවා ගොස් තිබෙන බව... Read More

ඇඳිරි නීතිය කඩකළ 1,710ක් පැය 24 කදී අත්අඩංගුවට
Monday, 25 May 2020 - 8:15

අද උදෑසන හයෙන් අවසන් වූ පැය 24 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය... Read More

සංචාරක මාර්ගෝපදේශකයින් සඳහා රක්ෂණ ක්‍රමයක්
Monday, 25 May 2020 - 7:29

සංචාරක මාර්ගෝපදේශකයින් සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට... Read More