වවුනියාවට නිල් වැස්සක්.

Thursday, 24 January 2013 - 7:53

%E0%B7%80%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%9A%E0%B7%8A.

වවුනියාව - පට්ටානිචූර් ප්‍රදේශයට ඊයේ පස්වරුවේ වර්ෂාවත් සමග හඳුනා නොගත් නිල් පැහැති කැට වර්ගයක් පතිත වී තිබෙනවා. වවුනියාව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ පත්මනාදන් සත්‍යලිංගම් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ තමන්ට ලද දුරකථන ඇමතුමක් මත අදාල ප්‍රදේශයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද සමග නිරීක්ෂණය කිරීමට ගිය බවයි. ඒ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු ගෙනඑන ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ පත්මනාදන් සත්‍යලිංගම්.

[MP3]s52003_1[/MP3]                  

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ පත්මනාදන් සත්‍යලිංගම්.

[MP3]s52003_2[/MP3]

මේ අතර ජල මට්ටම ඉහළ යෑම නිසා පරාක්‍රම සමුද්‍රයේ ඊයේ විවෘත කරන ලද වාන් දොරටු 10 අගල් 6 බැගින් තවමත් විවෘතව පවතිනවා. කවුඩුල්ල ජලාශයේද වාන් දොරටු 12 ද තවදුරටත් විවෘතව පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මින්නේරිය වැවේ වාන් දොරටු 7 න් 6 ක්ම ඊයේ දිනයේදී විවෘත කෙරුණා. එය  අද දිනයේදීත් විවෘතව තබන බවයි ප්‍රදේශය භාර ඉංජිනේරුවරයා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.  උල්හිටිය ජලාශයේද වාන් දොරටු 7 ක් ඊයේ විවෘත කෙරුණා.

කෙසේ වෙතත් අද දිනයේදීත් දිවයිනේ නැගෙනහිර කොටස්වලට වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිළි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මෙරිල් මෙන්ඩිස්.

[MP3]s52003_3[/MP3]

මේ අතර අද පස්වරු 3 සිට 5 දක්වා පැය 2 ක කාලයක් වෙරළාසන්න දිස්ත්‍රික්ක 14 ක සුනාමි පෙරහුරුවක් ක්‍රියාත්මකයි. එම නිසා ජනතාව කලබල විය යුතු නොමැති බවයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. ඒ පිළිබඳ අදහස් දක්වන එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්‍ෂ සරත් ලාල් කුමාර.
 
[MP3]s52003_4[/MP3]



මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1524 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 22:56

තවත් කොරෝනා ආසාදිතයන් 21 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

වැලිකඩ සිද්ධියට වත්මන් ජනපති ඈඳා ගැනීමේ යහපාලන ආණ්ඩුවේ උත්සහයක් ගැන අනාවරණයක් (වීඩියෝ)
Thursday, 28 May 2020 - 22:44

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කළහකාරී සිදුවීමට එවක... Read More

ලොව වයස්ගතම මිනිසා ජීවිතයෙන් සමුගනී (ඡායාරූප)
Thursday, 28 May 2020 - 22:15

ලොව වයස්ගතම මිනිසා වූ Bob Weighton මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර... Read More