වනජීවී නිලධාරීන් පැහැරගත් පොලිස් නිලධාරීන් 2 මුදාගැනේ.

Thursday, 24 January 2013 - 7:56

%E0%B7%80%E0%B6%B1%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%93+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+2+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A.

උඩවලව ජාතික වනෝද්‍යානයේදී වනජීවී නිලධාරින් විසින් පැහැරගත් පොලිස් නිලධාරින් දෙදෙනා මුදාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි සඳහන් කළා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකරමින් ඊට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.

[MP3]s52004[/MP3]

උඩවලව ජාතික වනෝද්‍යානයේ ගංජා හේන් කිහිපයක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකගෙන් දෙදෙනෙකු වනජීවී ආරක්ෂක නිලධාරීන් විසින් පැහැරගෙන ගොස් ඇති බව පොලීසිය ඊයේ සඳහන් කළා. මෙලෙස වනජීවී නිලධාරින් පැහැරගෙන ගොස් ඇත්තේ වලාන දූෂන මර්ධන ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙක්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි කියා සිටියේ වලාන දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් 22 කු උඩවලව හම්බෙගමුව ගල් අමුණ ප්‍රදේශයේ පෙරේදා අලූයම මෙම මෙහෙයුම ආරම්භ කළ බවයි. එහිදී විශාල ගංජා හේනක් වටලා එම ස්ථානයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යෙදවීමෙන් පසු අනෙක් නිලධාරීන් තවත් තවත් වැටලීමක් සඳහා පිටත්ව ගියා. අදාළ අවස්ථාවේදී එම පොලිස් නිලධාරීන් දෙදෙනා සහ වැටලීමට සහය වූ තවත් දෙදෙනෙකු උඩවලව වනෝද්‍යානයේ වනජීවී ආරක්ෂක නිලධාරීන් විසින් පැහැරගෙනගොස් තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් එච්.ඞී. රත්නායකගෙන්ද විමසීමක් කළා. ඔහු සඳහන් කළේ එවැනි පැහැරගැනීමක් සිදුවී නොමැති බවයි. කෙසේ වෙතත් එම ප්‍රදේශයේ ගංජා හේන් වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම සිදුකර ඇති බවද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියා. මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන බවද වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් එච්.ඞී. රත්නායක සඳහන් කළා.