එ.ජා.ප.යට නියෝජ්‍ය නායකවරු කිහිපදෙනෙක්.

Thursday, 24 January 2013 - 8:06

%E0%B6%91.%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B4.%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A.

එක්සත් ජාතික පක්ෂයට නියෝජ්‍ය නායකවරුන් කිහිපදෙනෙකු පත්කරගැනීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව පක්ෂ ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව පක්ෂයට සම නියෝජ්‍ය නායක තනතුරු දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඇතිකිරීම සම්බන්ධයෙන් පක්ෂයේ අවධානය යොමුව ඇති බවයි වාර්තාවන්නේ. ඒ අනුව එම නියෝජ්‍ය නායකවරුන්ට වෙන වෙනම කාර්යයන් පැවරීමටද නියමිතයි. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද හෝ හෙට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග මේ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ. මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසූරිය සහ සජිත් ප්‍රේමදාසද සම නියෝජ්‍ය නායකවරුන් ලෙස කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් පසුගියදා පැවති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී 2013 වසර සඳහා එක්සත් ජාතික පක්ෂයට නියෝජ්‍ය නායකවරයෙකු පත්කරගැනීම කල් තබනු ලැබුවා. ඒ ඊට විපක්ෂ නායකවරයාට කාලයක් අවශ්‍ය බව පවසමින්. මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසයි.

මේ අතර ආණ්ඩුවට මුහුණදීමට සිදුව ඇති ආර්ථික, දේශපාලන හා ජාත්‍යන්තර ගැටළු වසා දැමීම සඳහා ජාතිවාදී හැඟීම් මතුකරලීමට උත්සාහ කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂය චෝදනා කරනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ 2013 වසර ආණ්ඩුවට බලපෑම් රැසක් ඇතිවන වසරක් බවයි.
 
[MP3]s52005[/MP3]