ශ්‍රී ලංකා හමුදාවන්ට ඉන්දීය යුද පුහුණුවේදී තමිල්නාඩුව ඉවතට.

Thursday, 24 January 2013 - 8:10

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7.

ශ්‍රී ලංකා හමුදාවන්ට අඛණ්ඩව ඉන්දියාවේදී යුද පුහුණුව ලබාදෙන බව ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ඒ.කේ. ඇන්තනී පවසනවා. විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් සමග ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ ලංකාව සමග පවත්වන සම්බන්ධතා අඛන්ඩව පවත්වාගෙන යන බවයි. එය ආරක්ෂා කරගැනීම දෙරටේම වගකීම බවද මාධ්‍ය හමුවට එක්වෙමින් ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර පසුගිය කාලයේදී ඉන්දියාවේදී ශ්‍රී ලංකා හමුදාවන්ට ලබාදෙන යුද පුහුණුවීම් පිළිබඳවද අදහස් පළ වුණා. එහිදී ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අවධාරණය කළේ තමිල්නාඩුවෙන් පිටතදී ශ්‍රී ලංකා හමුදාවන්ට පුහුණුව ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවයි. පසුගිය දිනවල ශ්‍රී ලංකා හමුදාවන්ට තමිල්නාඩුවේදී පුහුණුව ලබාදුන් අතර ඊට තමිල්නාඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලින් විරෝධයක් එල්ලවුණා. මෙම පසුබිම තුළයි තමිල්නාඩුවෙන් පිටතදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට පුහුණුව ලබාදීමට ඉන්දීය රජය තීරණය කර ඇත්තේ.



මෙරට හස්තියෙකුට නිදහස දෙනලෙස ඉස්ලාමාබාද් මහාධිකරණයෙන් නියෝග (වීඩියෝ)
Thursday, 28 May 2020 - 20:29

වසර 35 ක් තිස්සේ පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර සත්වෝද්‍යානයක... Read More

සහල් මිල පාලනය කිරීමට නොහැකි වීමට හේතුව පසුගිය රජය වී අඩු මිලට විකිණීමයි (වීඩියෝ)
Thursday, 28 May 2020 - 20:13

වී අලෙවි මණ්ඩලය සතුව තිබූ වී තොග පසුගිය රජය විසින් අඩු මිලට... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයින් පනස් අට ලක්ෂය ඉක්මවයි
Thursday, 28 May 2020 - 19:37

ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට පනස් අට ලක්ෂ 13,289 දක්වා... Read More