උඩවලවේ සිද්ධිය ගැන පොලිසිය සහ වනජීවියෙන් පරීක්ෂණ දෙකක්.

Thursday, 24 January 2013 - 12:47

%E0%B6%8B%E0%B6%A9%E0%B7%80%E0%B6%BD%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B6%B1%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A.

උඩවලව ජාතික වනෝද්‍යානයේදී වනජීවී නිලධාරින් විසින් පොලිස් නිලධාරින් දෙදෙනෙකු පැහැරගැනීම පිළිබඳව පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ වනජීවී නිලධාරීන් විසින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරි කටයුතුවලට බාධා එල්ල කර ඇති බවයි. පොලිස් නිලධාරීන් විසින් වනජීවී නිලධාරීන්ට සිය අනන්‍යතාවය පැහැදිළි කරද්දීත් ඔවුන් පොලිස් නිලධාරීන් දෙදෙනා පැහැරගෙන යෑම ගැටළුවක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි.

[MP3]s52021_1[/MP3]                                        

මේ අතර වනජීවී දෙපාර්තමේන්තුවද මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීම සඳහා කමිටුවක් පත්කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් එච්.ඞී. රත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ උසස් නිලධාරින්ගෙන් සමන්විත මෙම කමිටුව දැනටමත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි.

[MP3]s52021_2[/MP3]     

උඩවලව ජාතික වනෝද්‍යානයේ ගංජා හේන් කිහිපයක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකගෙන් දෙදෙනෙකු වනජීවී ආරක්ෂක නිලධාරීන් විසින් පැහැරගෙන ගොස් ඇති බව පොලීසිය ඊයේ සඳහන් කළා. මෙලෙස වනජීවී නිලධාරින් පැහැරගෙන ගොස් ඇත්තේ වලාන දූෂන මර්ධන ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙක්. පැහැරගැනීමට ලක්වූ පොලිස් නිලධාරින් දෙදෙනා මේ වනවිට මුදා හැර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි සඳහන් කළේ.



තොණ්ඩමන්ගේ දේහය රැගත් රිය පෙරහර නෝර්වුඩ් ක්‍රීඩාංගණය වෙත
Sunday, 31 May 2020 - 15:02

අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ දේහය රැගත් රිය... Read More

පරන්තන් - පූනරීන් ප්‍රධාන මාර්ගයේ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
Sunday, 31 May 2020 - 14:56

කිලිනොච්චිය, පරන්තන් ප්‍රදේශයේදී ටිපර් රථයකට යතුරුපැදියක්... Read More

හිරු පුවතින් පසු මොණරාගල වට්ටක්කා ගොවීන්ට විසඳුම් (වීඩියෝ)
Sunday, 31 May 2020 - 14:26

දැඩි අසීරුතාවයකට පත්ව සිටි මොණරාගල ප්‍ර දේශයේ වට්ටක්කා ගොවීන්ගේ... Read More