රචනා තරගයක් පිළිබඳව හෙළ උරුමයෙන් චෝදනා.

Thursday, 24 January 2013 - 12:50

%E0%B6%BB%E0%B6%A0%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.

මුස්ලිම් නොවන ළමයින් ඉස්ලාම් ආගමට හරවා ගැනීමේ උපක්‍රමයක් ක්‍රියාත්මක බව ජාතික හෙළ උරුමය පවසනවා. එහි නායක පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කේන්ද්‍රය මගින් සංවිධානය කළ රචනා තරගයක් මීට හේතුවී ඇති බවයි. දීප ව්‍යාප්තව පවත්වන මෙම රචනා තරගය පිළිබඳව පසුගිය සැප්තැම්බර් 18 සහ 19 යන දිනවල ජාතික පුවත්පත්වල පළ කර තිබූ බවයි සෝභිත හිමියන් කියා සිටියේ. මෙය ආගම් අතර පවතින සහයෝගිතාවයට බාධාවක් බව ද උන්වහන්සේ පෙන්වා දෙනවා.

[MP3]s52022[/MP3]             

ජාතික හෙළ උරුමය නගන මෙම චෝදනාව සම්බන්ධයෙන් සමස්ථ ලංකා ජමෙයිතුල්ලා  උලමා සභාවේ නායක එම්.අයි.එම්.රිස්වි මුෆ්ති ගෙන් විමසීමට උත්සාහ කළා. ඊට ප්‍රතිචාර දැක්වූ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් තමන් දැනුවත්ව නොමැති බවයි.