මාරවිල රෝහලේ එන්නත් කුප්පියක වීදුරු කැබැල්ලක්.

Thursday, 24 January 2013 - 12:55

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B7%92%E0%B6%BD+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B7%80%E0%B7%93%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A.

මාරවිල  - මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන්ට ලබා දෙන එන්නත් කුප්පියක තිබී වීදුරු කැබැල්ලක් හමුවී ඇතැයි සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය පවසනවා. එහි සභාපති සමන් රත්නප්‍රිය කියා සිටියේ ඊයේ මෙම වීදුරු කැබලි හමුවී ඇත්තේ මෙරපනම් නමැති ප්‍රතිජීවක ඖෂධ කුප්පියක් තුළ බවයි. පසුව, මේ බව එහි වෛද්‍යවරුන් විසින් රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා දැනුවත් කර තිබෙනවා. මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය මාරවිල රෝහලේ වෛද්‍ය අධිකාරි දිමුත් පොන්වීරගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ අදාළ එන්නත් කුප්පිය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යැවීමට පියවර ගත් බවයි. පසුගිය වසරේ දෙසැම්බර් 28 වැනිදා කළුබෝවිල රෝහලේ එන්නත් කුප්පියක් තුළ තිබී මෙවැනිම වීදුරු කැබැල්ලක් හමුවුණා. ක්ලොක්සිසිලින් නමැති එම ප්‍රතිජීවක ඖෂධය අනතුරුව ශ්‍රී ලංකාව තුළ භාවිතයෙන් ඉවත් කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තේ.



ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී පුරාවිද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 21:21

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී තමන්ට මරණ තර්ජන... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:48

තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා තුනක් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 20:31

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය... Read More