වීදුරු කැබැල්ලක් සොයා ගත් එන්නත් කුප්පි තහනම්.

Thursday, 24 January 2013 - 18:52

%E0%B7%80%E0%B7%93%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%92+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

මාරවිල මූලික රෝහලේදී වීදුරු කැබැල්ලක් හමුවූ මෙරපෙනම් මිලිලීටර 500 නික්ෂේපනය  මෙරට භාවිතය අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. විලවුන් උපකරණ සහ ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මීට අදාළ චක්‍රලේඛය අද (24) පස්වරුවේ නිකුත් කිරීමට කටයුතු කළ බවයි. මෙම එන්නත් කුප්පිය ඉන්දියානු සමාගමක නිෂ්පාදනයක්. ඒ හේතුවෙන් මේ සම්බන්ධයෙන් ඉන්දීය රජයට, සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ ඉන්දීය ඖෂධ බලධාරින්ට ලිඛිතව පැමිණිලි කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දුන් බව ද ඔහු ප්‍රකාශ කළා.

 

[MP3]s52048_1[/MP3]       

 

මාරවිල රෝහලේ එන්නත් කුප්පියකින් වීදුරු කැබැල්ලක් හමුවී ඇති බවට පළමුව අනාවරණය කරනු ලැබුවේ සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සමන් රත්නප්‍රියයි. ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කිරීම සඳහා කොළඹදී අද (24) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සමන් රත්නප්‍රිය.

 

[MP3]s52048_2[/MP3]                     

 

මීට පෙර කළුබෝවිල රෝහලේදී එන්නත් කුප්පියක වීදුරු කැබැල්ලක් තිබී  හමුවූයේ පසුගිය දෙසැම්බර් 28 වැනිදායි. එය අයත් ක්ලොක්සිසිලින් නමැති ප්‍රතිජීවක ඖෂධය නිපදවන්නේ ද ඉන්දියාවේ සමාගමක්. එම ඖෂධ තොගය ද භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළා.

 

පසුගිය 2012 වසරේ පමණක් බාල ඖෂධ මෙරටට ගෙන්වූ අවස්ථා සංඛ්‍යාව 60 කට අධිකයි.



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 0:10

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා... Read More

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More