ජාතික ගීය භාෂා දෙකකින් - වාසු.

Thursday, 24 January 2013 - 18:55

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%9C%E0%B7%93%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+-+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%94.

ජාතික ගීයේ ඇතැම් කොටස් දෙමළ පද සහ සිංහල පද සහිතව ප්‍රතිනිර්මාණය කිරීමට ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඊයේ (23) පැවති එම අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේදී ද මේ පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර එය අනුමැතිය සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇති බවයි විෂයභාර අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසන්නේ. මෙම ප්‍රතිනිර්මාණය කරන ලද ජාතික ගීය, ජාතික උත්සව සඳහා ගායනා කිරීමට මේ වනවිට යෝජනා වී තිබෙනවා. ජාතික නොවන උත්සවවලදී ස්වකීය භාෂාවලින් ජාතික ගීය ගායනා කළ යුතු බවයි අමාත්‍ය වාසුදේව නානායක්කාර සඳහන් කළේ.

 
[MP3]s52049_1[/MP3]

 

ප්‍රතිනිර්මාණය කර ඇති නව ජාතික ගීය ලබන පෙබරවාරි 4 වැනිදාට යෙදී තිබෙන නිදහස් දින උත්සව උළෙලේදී ගායනා කල යුතු බවට යෝජනාවක් ද ඉදිරිපත් වී ඇති බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ.

 

[MP3]s52049_2[/MP3]          

 

කෙසේ වෙතත් ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය ආචාර්ය  ඕමල්පේ සෝභිත හිමියන් පවසන්නේ ජාතික සලකුණක් වන ජාතික ගීය වෙනස් කිරීම සිදුකළ යුත්තේ, දේශපාලඥයින් නොව ඒ සම්බන්ධයෙන් දැනුමක් ඇති විශේෂඥයින් බවයි.

 

[MP3]s52049_3[/MP3]             

 

ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය කර ඇති යෝජනාවට අනුව මෙවර නිදහස් උළෙලේදී මෙම ප්‍රතිනිර්මාණය කර ඇති නව ජාතික ගීය ගායනා කරන්නේ දැයි හිරු ප්‍රවෘත්ති අංශය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ විමසීමක් කළා. එහි උසස් නිලධාරිනියක් ප්‍රකාශ කළේ 1978 ව්‍යවස්ථාවට අනුව නිර්මාණය කරනු ලැබූ මෙතෙක් පැවති ජාතික ගීය මෙවර ද නිදහස් උත්සවය දින ගායනා කරන බවයි. ජාතික ගීයට කිසියම් සංශෝධනයක් ගෙන එන්නේ නම් එය සිදුකළ යුත්තේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය බව ද එම ප්‍රකාශිකාව කියා සිටියා.

 

ජාතික ගීය සිංහල පද සහ දෙමළ පද එකවිට යොදා ගායනා කිරීමට අමාත්‍ය වාසුදේව නානායක්කාර කර ඇති ඉල්ලීම පිළිබඳ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී හිරු මාධ්‍යවේදියා ප්‍රශ්න කළා. මේ අමාත්‍යවරයා ඊට දැක්වූ ප්‍රතිචාරයයි.

 
[MP3]s52049_4[/MP3]