ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකා තොගයක් කලගෙඩිහේනෙන් සොයා ගැනේ.

Friday, 25 January 2013 - 8:00

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B6%9C%E0%B7%99%E0%B6%A9%E0%B7%92%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A.

පසුගිය ජනාධිපතිවරණයේදී භාවිතා කළ බවට සැකකෙරෙන ඡන්ද පත්‍රිකා තොගයක් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කලගෙඩිහේන මහා විද්‍යාලය ආසන්නයේ තිබී සොයා ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඊයේ (24) සොයා ගත් මෙම ඡන්ද පත්‍රිකා පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. කිසියම් පුද්ගලයෙකු පොලිස් හදිසි ඇමතුම් අංකයට ලබාදුන් තොරතුරකට අනුව මේවා සොයා ගෙන ඇති අතර එම ඡන්ද පත්‍රිකාවල 2010 ජනාධිපතිවරණය නුවරඑළිය දිස්ත්‍රික්කය යනුවෙන් සටහන් කර තිබූ පත්‍රිකා 400 කට වැඩි සංඛ්‍යාවක් සොයා ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් මැතිවරණ මහලේකම් කාර්යාලයේ ද පරීක්ෂණයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය දැනට දිවයිනෙන් බැහැරව ඉන්දියාවට ගොස් ඇති අතර ඔහු තවත් දින කිහිපයකින් මෙරටට පැමිණීමට නියමිත බවයි එම ප්‍රකාශකයා කියා සිටියේ. ඒ අනුව මැතිවරණ කොමසාරිස්වරයා පැමිණි පසු මේ ගැන ඔහුගේ අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories