නබි තුමන්ගේ ඉගැන්වීම් ඉදිරි ගමනට ශක්තියක්. - ජනපති.

Friday, 25 January 2013 - 8:15

%E0%B6%B1%E0%B6%B6%E0%B7%92+%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%89%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%A7+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

ශුද්ධ වූ මහම්මද් නබිතුමන්ගේ ඡන්ම දිනය අදට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ මානව වර්ගයාගේ ප්‍රගතිය සහ සාමයට තර්ජනයක් ඇති කරමින් ලොව බොහෝ ප්‍රදේශවල අර්බුද පැතිර ඇති තත්ත්වයක් හමුවේ සාමය, සමගිය, ඉවසීම හා අවබෝධය පිළිබඳව අවධාරණය කෙරෙන නබිතුමන්ගේ ඉගැන්වීම් වර්තමානයට දැඩි සේ අදාළ වන බවයි. ලොව බොහෝ රටවල පවත්නා ත්‍රස්තවාදය ප්‍රතික්ෂේප කරමින් මනුෂ්‍යත්වයේ උතුම් ගුණාංග වඩවාලීම සඳහා අන්‍යෝන්‍ය අවබෝධය, සහෝදරත්වය සහ අවිහිංසාව වර්ධනය කිරීමේ ප්‍රභවයක් බවට පත්වීමේ හැකියාව ඉස්ලාම් දහමට පවතින බව ජනාධිපතිවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ සඳහන්.

 

නබිතුමන්ගේ ප්‍රතිපත්තිවලට මුල්තැන දෙමින් ජනතාවගේ අධ්‍යාත්මික ජීවිතය හැඩ ගස්වා ගත යුතු බව අග්‍රාමාත්‍ය දි.මූ. ජයරත්න සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ වර්තමානයේ සියළුම ශ්‍රී ලාංකිකයන්ට සහජීවනයෙන් ජීවත්විය හැකි වටපිටාවක් නිර්මාණය වී ඇති බවයි.

 

මේ අතර, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නබිතුමන්ගේ උපන් දිනය නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ නබිතුමන්ට කරන හොඳම උපහාරය එතුමන් විසින් ලොවට දායාද කළ සහෝදරත්වයේ සහ සහජීවනගේ පණිවුඩය ආදර්ශයට ගෙන ක්‍රියාකිරීම බවයි. ඉස්ලාමීය දහම ප්‍රචාරයේදී නබිතුමන් අනුගමනය කළේ මිත්‍රශීලි සහ නම්‍යශීලි ප්‍රතිපත්තියක් බවද විපක්ෂ නායකවරයා නිකුත් කළ පණිවුඩයේ දැක්වෙනවා.