පොළොන්නරුව - ගිරිතලේ මාර්ගයේ අද පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු ලබා තිබෙනවා. ප්රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ වෑන් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. තුවාලකරුවන් පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කර ඇති අතර කුඩා ළමයින් 3 දෙනෙකු ද ඒ අතර සිටින බවයි රෝහලේ ප්රකාශකයෙකු සඳහන් කළේ. තුවාල ලැබූවන්ගෙන් 15 දෙනෙකු වාලච්චේන - ඕට්ටමාවඩි ප්රදේශයේ පදිංචිකරුවන්.
Follow US
Most Viewed Stories