ජීනිවා නොයන බව රජීව විජේසිංහ කියයි.

Friday, 25 January 2013 - 12:52

%E0%B6%A2%E0%B7%93%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B6%B1%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%BB%E0%B6%A2%E0%B7%93%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

දෝෂාභියෝගයට ඡන්දය ලබානොදීම හේතුවෙන් තමන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීම පිළිබඳ මෙතෙක් දැනුම්දීමක් සිදුකර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රජිව විජේසිංහ පවසනවා. දෝෂාභියෝග යෝජනාවට ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ නොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රජීව විජේසිංහට එරෙහි විනය පරීක්ෂණයක් පැවැත්වීමට පසුගියදා රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වුණා. කෙසේ වෙතත්, ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ද මේ පිළිබඳව ප්‍රශ්න කළා. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ රජීව විජේසිංහ මන්ත්‍රීවරයාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි.  

 

[MP3]s52096_1[/MP3]                                                   

රජීව විජේසිංහ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ පක්ෂය විසින් තමන්ට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකිරීමට පියවර ගතහොත් ඊට මුහුණදීමට තමන් සූදානම් බවයි. කෙසේ නමුත් ලබන මාර්තු මාසයේදී ජීනිවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තමන් සහභාගි නොවන බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.   

 
[MP3]s52096_2[/MP3]



අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ දේහය පක්ෂ මූලස්ථානයට
Thursday, 28 May 2020 - 17:12

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1471දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 16:59

කොරෝනා ආසාදිත තවත් නාවික හමුදා සාමාජිකයන් දෙදෙනෙකු වාර්තාවීමත්... Read More

දැඩි වෙහෙසක් දරා ගොඩ ආ ඉසෙඩ් ඩී ඇලට වැටුණු වන අලි දෙදෙනා (වීඩියෝ)
Thursday, 28 May 2020 - 16:44

මාදුරුඔය ඉසෙඩ් ඩී ඇලට විරාන ප්‍රදේශයෙන් වැටුණු වන අලි දෙදෙනෙකු... Read More