ජීනිවා නොයන බව රජීව විජේසිංහ කියයි.

Friday, 25 January 2013 - 12:52

%E0%B6%A2%E0%B7%93%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B6%B1%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%BB%E0%B6%A2%E0%B7%93%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

දෝෂාභියෝගයට ඡන්දය ලබානොදීම හේතුවෙන් තමන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීම පිළිබඳ මෙතෙක් දැනුම්දීමක් සිදුකර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රජිව විජේසිංහ පවසනවා. දෝෂාභියෝග යෝජනාවට ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ නොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රජීව විජේසිංහට එරෙහි විනය පරීක්ෂණයක් පැවැත්වීමට පසුගියදා රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වුණා. කෙසේ වෙතත්, ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ද මේ පිළිබඳව ප්‍රශ්න කළා. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ රජීව විජේසිංහ මන්ත්‍රීවරයාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි.  

 

[MP3]s52096_1[/MP3]                                                   

රජීව විජේසිංහ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ පක්ෂය විසින් තමන්ට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකිරීමට පියවර ගතහොත් ඊට මුහුණදීමට තමන් සූදානම් බවයි. කෙසේ නමුත් ලබන මාර්තු මාසයේදී ජීනිවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තමන් සහභාගි නොවන බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.   

 
[MP3]s52096_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories