අම්පාර යලිත් සෙළවෙයි.

Friday, 25 January 2013 - 12:54

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%99%E0%B7%85%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන 3 කින් සුළු භූ චලන කිහිපයක් අද උදෑසන වාර්තා වූ බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා. එහි සභාපති ආචාර්ය එන්.පී.විජයානන්ද සඳහන් කළේ අද (25) උදෑසන 9.33 ට පමණ මෙම භූ චලන වාර්තා වී ඇති බවයි. මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා පරීක්ෂණ කණ්ඩායමක් ලබන සඳුදා එම ප්‍රදේශයට යොමු කිරීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළා.

 

[MP3]s52098[/MP3]         

 

පසුගිය කාලයේ ද අම්පාර - වඩිනාගල - දේවාලහිඳ සහ පල්ලංගල ඇතුළු දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගම්මාන කිහිපයකින් මෙවැනි භූ චලනයන් වාර්තා වුණා. අනතුරුව මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ විශේෂ කණ්ඩායමක් එම ප්‍රදේශය වෙත පැමිණි අතර, භූ කම්පන මාන කිහිපයක් ද අදාළ ප්‍රදේශයේ සවි කිරීමටයි ඔවුන් පියවර ගත්තේ.

 

එහි පරීක්ෂණවල නිරත වූ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී භූ භෞතික විද්‍යාඥ මහින්ද සෙනෙවිරත්න ෂා ප්‍රවෘත්ති අංශයට මීට පෙර සඳහන් කළේ මිනිස් ක්‍රියාකාරකම් නිසා මෙවැනි භූ චලන සිදුවන බවට කරුණු අනාවරණය වී ඇති බවයි. පසුගිය කාලයේ එම ප්‍රදේශයට ඇද හැලූන වර්ෂාවත් සමඟ මෙම පරික්ෂණ තාවකාලිකව නතර කර එම කණ්ඩායම නැවතත් කොළඹට පැමිණියා. කෙසේ වෙතත්, ලබන සඳුදා සිට නැවතත් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නියෝජිත කණ්ඩායමක් අම්පාර දිස්ත්‍රික්කයේ භූ චලන ඇති වූ ප්‍රදේශවල පරීක්ෂණ ආරම්භ කරනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories