දිස්ත්‍රික්ක 4ක ජලාශ රැසක වාන් දොරටු විවෘතයි.

Friday, 25 January 2013 - 18:46

%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+4%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B6%BA%E0%B7%92.


දිවයිනේ උතුර, උතුරු මැද සහ ඌව පළාත්වලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමගම දිස්ත්‍රික්ක 4ක ජලාශ රැසක වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂිකා ජානකී මීගස්තැන්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ පොළොන්නරුව, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ජලාශවල මෙලෙස වාන් දොරටු විවෘත කර ඇති බවයි. පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10ම අඟල් 9 බැගින් විවෘත කර ඇති බව ද අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

 [MP3]s52114_1[/MP3]

දිවයිනට බලපා ඇති ඊසානදිග මෝසම් තත්ත්වය ඉදිරි දින දෙකේත් පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණාරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අද (25) දිනයේදීත් නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරුමැද පළාත්වලට වැසි අපේක්ෂා කළ හැකි බවයි.

[MP3]s52114_2[/MP3]
 

මේ අතර, මාතලේ ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාවත් සමග මාතලේ - පලාපත්වල නිල්දිය උයන ප්‍රදේශයේ නිවසක් අසළ කවාකාර ගිලා බැසීමක් අද (25) දහවල් වාර්තා වුණා. එම නිවසේ හිමිකාරිය වන සන්ධ්‍යා පද්මලතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙවැනි සිදුවීමක් සිදුවූ පළමු වතාව මෙය බවයි.

[MP3]s52114_3[/MP3]

මාතලේ දිස්ත්‍රික්කයේ පවතින නාය යාම් සහ ගිලා බැසීම් පිළිබදව පර්යේෂණ සිදුකළ කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබද මහාචාර්ය කපිල දහනායකගෙන් හිරු ප්‍රවෘත්ති අංශය මේ පිළිබදව විමසීමක් කළා. ඔහු ප්‍රකාශ කළේ මෙම තත්ත්වයෙහි වර්ධනයක් සිදුවන්නේ නම් ඒ පිළිබදව ආරක්ෂිත ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

rn


[MP3]s52114_4[/MP3]
 
මේ අතර, වෙල්ලාවලි - මණ්ඩූර් - කළු පාලම අසලදී පෞද්ගලික වෑන් රථයක් ජලපහරට හසු වී ගසාගෙන යමින් තිිබියදී පොලිස් නිළධාරීන් විසින් අද (25) මුදා ගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ වෑන් රථයේ ගමන් කළ පුද්ගලයන් 22 දෙදෙනෙකු එහිදී මුදා ගැනීමට හැකි වූ බවයි.



මෙරට හස්තියෙකුට නිදහස දෙනලෙස ඉස්ලාමාබාද් මහාධිකරණයෙන් නියෝග (වීඩියෝ)
Thursday, 28 May 2020 - 20:29

වසර 35 ක් තිස්සේ පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර සත්වෝද්‍යානයක... Read More

සහල් මිල පාලනය කිරීමට නොහැකි වීමට හේතුව පසුගිය රජය වී අඩු මිලට විකිණීමයි (වීඩියෝ)
Thursday, 28 May 2020 - 20:13

වී අලෙවි මණ්ඩලය සතුව තිබූ වී තොග පසුගිය රජය විසින් අඩු මිලට... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයින් පනස් අට ලක්ෂය ඉක්මවයි
Thursday, 28 May 2020 - 19:37

ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට පනස් අට ලක්ෂ 13,289 දක්වා... Read More