තවත් තෙල් කාන්දුවක්.

Saturday, 26 January 2013 - 7:37

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

නැව්වලට යොදා ගන්නා තෙල් සැපයුම් නළයක ඉන්ධන කාන්දුවක් සිදුවන බව කොළොන්නාව තොග තෙල් ගබඩා පර්යන්තය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක නිශ්ශංක ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඊයේ සිට මෙම තෙල් කාන්දුව සිදුවන බවයි. කොළඹ වරායේ සිට බ්ලූමැන්ඩල් හි ඉන්ධන ටැංකි සංකීර්ණය දක්වායි මෙම තෙල් ප්‍රවාහනය කෙරෙන්නේ. බ්ලූමැන්ඩල් හි රේල්පාර වත්ත වැසියන් මේ සම්බන්ධයෙන් බලධාරීන්ට දැනුම් දී ඇතත්, තවමත් කිසිදු නිළධාරියෙකු එම ස්ථානයට ළගා වී නොමැති බව ද අප වාර්තාකරු සඳහන් කළා.

 

තෙල් සංස්ථාවට අයත් නළයකින් මෙම ඉන්ධන කාන්දුව සිදුනොවන බවයි කොළොන්නාව තොග තෙල් ගබඩා පර්යන්තයේ මාධ්‍ය ප්‍රකාශක නිශ්ශංක ජයවර්ධන වැඩිදුරටත් සදහන් කළේ.

 
[MP3]s52126[/MP3]

 

මීට පෙර ද අවස්ථා ගණනාවකදී මෙම තෙල් නළවල තෙල් කාන්දුවීම් වාර්තා වුණා. මෙම වසරේ ප්‍රථම තෙල් කාන්දුව වාර්තා වූයේ ඔරුගොඩවත්ත - මීතොටමුල්ල - කම්බිකොටුව වත්ත ප්‍රදේශය සහ තොටලඟ - නාගලගම්වීදිය - පපඩම්වත්ත යන ප්‍රදේශවලින්. පසුගිය වසරේ ද අවස්ථා ගණනාවකදී මෙම තෙල් කාන්දුවීම් වාර්තා වුණා. කෙසේ වුවත් බලධාරීන් එම අවස්ථාවේදී සදහන් කළේ අලූත් තෙල් නළ එළීම ආරම්භ කර ඇති බවයි.



පවතින වැසි තත්ත්වයත් සමග ඩෙංගු පිළිබඳව විශේෂ අවධානයක් (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 12:29

ඩෙංගු පිලිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය, ජනාධිපති ගෝඨාභය... Read More

පාතාල නායකයන් බන්ධනාගාරයේ සිට කරන මෙහෙයුම් නතර විය යුතු බව ජනපති අවධාරණය කරයි
Tuesday, 02 June 2020 - 12:28

පාතාල නායකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ... Read More

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සිහි කැදවීමක්
Tuesday, 02 June 2020 - 11:30

දුම්රියෙන් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම සඳහා මෙතෙක් ආයතන... Read More