එජාප මන්ත්‍රීවරුන්ට සහ සංවිධායකවරුන්ට තවත් තහනමක්.

Saturday, 26 January 2013 - 7:40

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන මන්ත්‍රීවරුන්ට සහ ආසන සංවිධායකවරුන්ට පොදු සමාජ ව්‍යාපාර පවත්වාගෙන යාම වහාම අත්හිටුවන ලෙස නියෝග නිකුත් කර තිබෙනවා. පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂ නායකත්වයට පැවරී ඇති බලතල අනුවයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙම නියෝගය නිකුත් කර ඇත්තේ. ඒ අනුව පක්ෂයේ ක්‍රියාකාරී සැලස්මට පරිබාහිරව සුබසාධන සංගම්, ස්වේච්ඡා සංවිධාන හරහා ද්‍රව්‍ය බෙදා දීම සපුරා තහනම් වනවා. මෙවැනි ප්‍රජා සුබසාධන කටයුතු සඳහා වෙනමම සංවිධාන පවතින බැවින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් එවැනි සංවිධාන පිහිටුවා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දී ඇත්තේ. එමෙන්ම සිය පක්ෂයේ යම් මන්ත්‍රීවරයෙකු හෝ සංවිධායකවරයෙකු මෙවැනි ස්වේච්ඡා සංවිධාන පිහිටුවාගෙන කටයුතු කරන්නේ නම් පක්ෂයේ තනතුරුවලින් ඉවත්ව පූර්ණ කාලීනව එවැනි කටයුතුවල නියැලෙන ලෙසයි විපක්ෂ නායකවරයා සිය නියෝගයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.



මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1620 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 6:23

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1620ක් දක්වා... Read More

අද ප්‍රදේශ කිහිපයකට වැසි
Sunday, 31 May 2020 - 6:11

නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින්... Read More

තවත් ආසාදිතයන් 20ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් ගණන 1613 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 23:26

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1613ක් දක්වා ඉහළ... Read More