මෙත්සිරි සීනිගම පොල් ගහයි.

Saturday, 26 January 2013 - 7:54

%E0%B6%B8%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%84%E0%B6%BA%E0%B7%92.

තමන් තනතුරින් ඉවත් කළ බවට කිසිදු ලිපියක් මෙතෙක් තමා වෙත ලැබී නොමැති බව ගාල්ල මහ නගර සභාවේ හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා පවසනවා. තමන්ට සාධාරණය ඉටු කර දෙන ලෙස ඉල්ලා ඔහු ඊයේ (25) හික්කඩුව - සීනිගම දේවාලයේ විශේෂ පූජාවක නිරත වුණා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙත්සිරි ද සිල්වා මේ බව සඳහන් කළා.

 

[MP3]s52136[/MP3]

 

ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති මෙත්සිරි ද සිල්වා ගාලූ නගරාධිපති ධුරයෙන් සහ නගර සභා සභික ධුරයෙන් ඉවත් කෙරුණේ පසුගිය බදාදා දිනයේදියි. ඊට අදාළ ගැසට් පත්‍රය එදිනම නිකුත් කළ බවයි දකුණු පළාත් මහ ඇමති ශාන් විජේලාල් ද සිල්වා කියා සිටියේ.

 

ගාල්ල මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් 2011 පළාත් පාලන මැතිවරණයට පෙර නගරාධිපතිවරයාට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර තිබුණා. එම චෝදනා පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වූ අතර එහි වාර්තාව ලැබී තිබුණේ මීට මාස 2 කට පෙරයි.

 

හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා නගන චෝදනාව සම්බන්ධයෙන් අප දකුණු පළාත් මහඇමති ශාන් විජේලාල්ගෙන් ද අදහස් දැන ගැනීමට අප උත්සාහ කළ ද එය අසාර්ථක වුණා.