කරුණානිධිගෙන් ශ්‍රී ලංකාවට තර්ජනාංගුලියක්.

Saturday, 26 January 2013 - 12:47

%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ලබන මාර්තු මාසයේ ජිනිවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් මණ්ඩල සැසි වාරයේ දී ශ්‍රී ලංකාව පිළිබද දැඩි ස්ථාවරයකින් කටයුතු කරන ලෙස තමිල්නාඩු ඞී.එම්.කේ. පක්ෂ නායක මුත්තුවේල් කරුණානිධි ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කරනවා. එමෙන්ම මෙවර මානව හිමිකම් මණ්ඩල සැසි වාරයේ දී ශ්‍රී ලංකාවේ දෙමළ ජාතික ගැටළු පිළිබදව පුළුල්ව සාකච්ඡා කරනු ඇති බවට ඔහු විශ්වාසය පළ කළා. සිය පක්ෂ සාමාජිකයන් වෙත ලිපියක් ඉදිරිපත් කරමින් කරුණානිධි සඳහන් කළේ ජාත්‍යන්තරය තුළ හොඳ නම රැක ගැනීම සඳහා ඉන්දීය රජය ශ්‍රී ලංකාව පිළිබද ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සාමාජිකයන්ට අඛණ්ඩව පුහුණුව ලබාදෙන බවට ඉන්දීය ආරක්ෂක ඇමති ඒ.කේ. ඇන්තනි සිදුකළ ප්‍රකාශය උපුටා දක්වමින්. තමිල්නාඩු දේශපාලනඥයන්ගේ අදහස් වලට ගරු කරන අතරම මෙරට ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ ඉන්දීය පුහුණුව සම්පූර්ණ කිරීමට කටයුතු කරන බව ආරක්ෂක ඇමති ඒ.කේ. ඇන්තනි විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් හමුවූ අවස්ථාවේදී අවධාරණය කළා. කෙසේ නමුත් එම හමුදා පුහුණුව නතර කළ යුතු බවයි කරුණානිධි කියා සිටියේ. 1956 වසරේ සිටම ඞී.එම්.කේ. පක්ෂය ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටි බව, පැවසූ කරුණානිධි පසුගිය ටෙසෝ සමුළුවේදී සම්මත කර ගත් යෝජනා පිළිබදව ද සිහිපත් කළා. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතා ගැටළුව විසදීම ඉලක්ක කර ගත් අදාළ යෝජනා අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං වෙත මෙන්ම ජගත් සංවිධානය වෙත ද යොමු කර ඇති බවයි ඔහු කියා සිටියේ.



සමගි ජන බලවේගය සමඟ නාමයෝජනා අත්සන් කළ UNP සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුයි
Wednesday, 27 May 2020 - 17:13

සමගි ජන බලවේගය සමඟ නාමයෝජනා අත්සන් කළ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ... Read More

ඇමති තොන්ඩමන්ගේ අභාවයත් සමඟ වතුකරයේ සිදුවන වෙනස (ඡායාරූප)
Wednesday, 27 May 2020 - 16:58

ඇමති තොන්ඩමන්ගේ අභාවයත් සමඟ වතුකරයේ සිදුවන වෙනස (ඡායාරූප)ඇමති... Read More

ඛනිජ තෙල් සංස්ථාවේ කෘෂි නිෂ්පාදන යළි ඇරඹීමට උපදෙස්
Wednesday, 27 May 2020 - 16:35

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිපදවූ ඉහළම ප්‍රමිතියෙන්... Read More