ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරුන් තුන්දෙනෙකු දිවයිනට.

Saturday, 26 January 2013 - 12:48

%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B7%84%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සහකාර රාජ්‍ය ලේකම්වරුන් තුන්දෙනෙකු අද (26) අලූයම දිවයිනට පැමිණියා. මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණි රාජ්‍ය ලේකම්වරුන් ලබන පෙබරවාරි පළමුවැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ සංචාරය කිරීමට නියමිතයි. එහිදී ඔවුන් මෙරට රජයේ ඉහළ පෙලේ නිලධාරින් සහ දේශපාලන පක්ෂ නායකයින් මෙන්ම, සිවිල් නායකයින් රැසක් ද හමුවීමට නියමිත බවයි ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ. දිවයිනට පැමිණි සහකාර රාජ්‍ය ලේකම්වරුන් අතර එක් සහකාර රාජ්‍ය ලේකම්වරයෙකු වන්නේ 2006 වසරේ සිට 2009 වසර දක්වා කොළඹ - ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කළ ජේන් ආර් මුවර්. දකුණු හා මධ්‍යම ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා කම්කරු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ජේම්ස්.බී.සිමර්මන් සහ දකුණු හා අග්නිදිග ආසියානු ආරක්ෂක කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් වික්‍රම් ජේ.සිං එලෙස පැමිණි අනෙක් සහකාර රාජ්‍ය ලේකම්වරුන් දෙදෙනායි.



\
Thursday, 09 July 2020 - 23:01

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් (වීඩියෝ)
Thursday, 09 July 2020 - 22:22

මෛත්‍රී ගිහින් පංච මහා බලවේගය අලියාගේ නැට්ටේ ගැට ගැසූ බව... Read More

දහනවයේ මූලික අරමුණ අගමැති පැහැදිලි කරයි (වීඩියෝ)
Thursday, 09 July 2020 - 21:15

රාජපක්ෂවරුන්ට පහරදීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන... Read More