යාපනයේ සරසවි සිසුවියක් ගිනි තබා ගනී.

Saturday, 26 January 2013 - 15:46

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.

යාපනය සරසවියේ කලා පීඨයේ දෙවන වසරේ සිසුවියක් අද (26) පෙරවරුවේ තම සිරුර ගිනි තබා ගෙන සිය දිවි හානිකර ගැනීමට උත්සාහ කරගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ භූමිතෙල් යොදා ගෙන ඇය මෙලෙස තම සිරුරට ගිනි තබාගෙන ඇති බවයි. අනතුරුව, 22 හැවිරිදි මෙම සිසුවිය යාපනය රෝහලට ඇතුළත් කෙරුණු අතර ඇයගේ තත්ත්වය බරපතල බව සඳහන්.

මේ අතර, උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක ප්‍රකාශ කළේ සරසවි සිසුන්ගෙන් සියයට 93 ක් කායික සහ චිත්ත ඒකාග්‍රතාවය පිළිබඳව උනන්දුවක් නොදක්වන බවයි. එය භයානක තත්ත්වයක් බව ද ඔහු කියා සිටියේ හොරණ - දොඩංගොඩ පැවති සරසවි නායකත්ව පුහුණු වැඩසටහන ඊයේ (25) අමතමින්.

[MP3]s52167[/MP3]



බෙලරුස් හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 277 දෙනෙකු දිවයිනට රැගෙන එයි
Friday, 29 May 2020 - 6:12

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා පැනවුණු සීමාවන් හේතුවෙන්... Read More

දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි වර්ෂාපතනයක්
Friday, 29 May 2020 - 6:07

නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින්... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 23:45

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළ... Read More