ඇමෙරිකානු නිලධාරින්ට සීමා නැහැ - විදේශ අමාත්‍යාංශය.

Saturday, 26 January 2013 - 18:59

%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA.

දිවයිනට පැමිණ සිටින ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරුන් තුන්දෙනාට විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් හමුවීමට ඉඩ ලබා නොදෙන ලෙස දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලීමක් කරනවා. එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ රටට එරෙහි කුමන්ත්‍රණවල ඇතැම් දේශපාලන පක්ෂ සහ රාජ්‍ය නොවන සංවිධාන නිරත වන බවයි. ඒවායේ සාමාජිකයින් මෙම ඇමෙරිකානු නියෝජිතයින් හමුවීම තුළින් තවත් අර්බුදකාරි තත්ත්වයන් මතුවිය හැකි බව දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ ලේකම්වරයා සඳහන් කළා.
[MP3]s52175[/MP3]

මේ පිළිබඳ හිරු ප්‍රවෘත්ති අංශය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විමසීමක් කළා. එහිදී එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන රටක් ලෙස ඇමෙරිකානු නිලධාරින්ට සීමා පැනවීමට රජයට නොහැකි බවයි.

දිවයිනට පැමිණ සිටින සහකාර රාජ්‍ය ලේකම්වරුන් අතර එක් සහකාර රාජ්‍ය ලේකම්වරයෙකු වන්නේ 2006 වසරේ සිට 2009 වසර දක්වා කොළඹ - ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කළ ජේන් ආර් මුවර්. දකුණු හා මධ්‍යම ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා කම්කරු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ජේම්ස්.බී.සිමර්මන් සහ දකුණු හා අග්නිදිග ආසියානු ආරක්ෂක කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් වික්‍රම් ජේ.සිං එලෙස පැමිණි අනෙක් සහකාර රාජ්‍ය ලේකම්වරුන් දෙදෙනායි.

ඔවුන් ලබන පෙබරවාරි පළමුවැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ සංචාරය කිරීමට නියමිතයි. කෙසේ වෙතත්, ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ මෙම පිරිස මෙරට රජයේ ඉහළ පෙලේ නිලධාරින් සහ දේශපාලන පක්ෂ නායකයින් මෙන්ම, සිවිල් නායකයින් රැසක් ද හමුවීමට නියමිත බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories