නීති ශිෂ්‍යාවගේ අත අහිමිවූයේ කාගේ වරදින්ද ?

Saturday, 26 January 2013 - 19:28

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%96%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%3F

තම සහෝදර ශිෂ්‍යාවකගේ වම් අතර සැත්කමකින් ඉවත් කිරීම පිළිබඳව හේතු පැහැදිලි කරන ලෙස ඉල්ලා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨ ශිෂ්‍ය කමිටුව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත අද (26) ලිපියක් භාර දුන්නා. නීතී පීඨ සිසුන් ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා හමුවීමෙන් අනතුරුවයි එම ලිපිය භාර දුන්නේ. එහිදී අදහස් දැක්වූ කොළඹ නීතිපීඨ ශිෂ්‍ය කමිටුවේ සභාපති සජිත් බණ්ඩාර.

[MP3]s52178_1[/MP3]

නිවසේදී සිදුවූ වැටීමකින් අතේ අස්ථි බිඳීමට ලක්ව මාතර රෝහලට ඇතුළත් කළ අචලා ප්‍රියදර්ශනී නීති විද්‍යාල ශිෂ්‍යාව කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව, සිදුකරන ලද ශල්‍යකර්මයකින් ඇයගේ වම් අත කපා ඉවත් කෙරුණා. ඇය මාතර රෝහලට ඇතුළත් කෙරුණේ පසුගිය 17 වැනිදායි. මාතර රෝහලෙන් සහ ජාතික රෝහලෙන් සිදුකෙරෙන ප්‍රකාශ ප්‍රතිවිරුද්ධ බව නීතිපීඨ ශිෂ්‍ය කමිටුව සඳහන් කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් මෙම තත්ත්වයට මුහුණදුන් නීතිපීඨ සිසුවිය වන 23 හැවිරිදි අචලා ප්‍රියදර්ශනීගේ පියා හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් දැක්වූවා.

[MP3]s52178_2[/MP3]

මෙම සිද්ධිය පිළිබඳව විමර්ශනයක් සිදුකිරීමට විශේෂ කමිටුවක් පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ද පියවර ගත්තා. සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ඊට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් දැනටමත් පත් කර ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories