මහ වැසි සහ ආපදා අඩුවේ.

Sunday, 27 January 2013 - 7:09

%E0%B6%B8%E0%B7%84+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A.

අධික වර්ෂාව සහ ජල ගැලීම් හේතුවෙන් සිදුවූ ආපදා තත්ත්වය මේ වනවිට ක්‍රමයෙන් පහව යමින් පවතින බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. ඊයේ පස්වරුව වනවිට ගංවතුර හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ පමණක් පුද්ගලයන් තුන් ලක්ෂ 28,189 දෙනෙකු පීඩාවට පත්ව සිටියා. ඔවුන්ගෙන් අවතැන්වූවන් සුබසාධන කඳවුරු 40 ක රඳවා සිටින බවයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. ඒ පිළිබඳ අදහස් දක්වන එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර.

[MP3]s52184_1[/MP3]

අද දිනය තුළ වාන් දොරටු විවෘත කළ ජලාශ කිහිපයක වාන් දොරටු වසා දැමීමට හැකිවනු ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරනවා. ඒ පිළිබඳ අදහස් දක්වන එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂිකා ජානකී මීගස්තැන්න.

[MP3]s52184_2[/MP3]

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ පවතින අධික වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බවයි. ඒ පිළිබඳ අදහස් දක්වන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල.
 
[MP3]s52184_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories