ඊබට් විජේසිංහ අභාවප්‍රාප්ත වෙයි.

Sunday, 27 January 2013 - 9:05

%E0%B6%8A%E0%B6%B6%E0%B6%A7%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

ප්‍රවිණ අංගරචන ශිල්පියෙකු සහ රංගන ශිල්පියෙකු වූ ඊබට් විජේසිංහ අද අලූයම අභාවප්‍රාප්ත වුණා. හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පන්නිපිටිය - හෝකන්දර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී ඊබට් විජේසිංහ මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතියෙකු ප්‍රකාශ කළා. මියයනවිට ඔහු 70 වන වියේ පසුවූ ඔහු සිය වේෂ නිරූපන කුසලතා සඳහා තුන්වරක්ම ජනාධිපති සම්මානද හිමිකරගත්තා. ඒ ‘‘පරිත්‍යාගය’’, ‘‘බැද්දේගම’’ සහ ‘‘සුරබිදෙන’’ චිත්‍රපට වෙනුවෙන්. 2005 වසරේදී ඔහු සූරිය අරණ චිත්‍රපටයේ කුසලතා වෙනුවෙන් සරසවි සම්මානය හිමිකරගත්තා. චිත්‍රපට 6 ක රඟපා ඇති ඊබට් විජේසිංහ වේෂ නිරූපණය සිදුකළ චිත්‍රපට සංඛ්‍යාව 20 කට අධිකයි. 1974 සැණකෙළිය චිත්‍රපටයෙන් මුලින්ම වේෂ නිරූපණ ක්‍ෂේත්‍රයට අවතීර්ණ වූ ඔහු අංගුලිමාල, ඔබ මගේම වේවා, සිරිබෝ අයියා, අහසින් පොළොවට සහ  අම්මේ ඔබ නිසා යන චිත්‍රපටවලද රඟපෑවා. ඊබට් විජේසිංහ සිංහල සිනමාවේ ප්‍රවීන මෙන්ම නව පරපුරේ චිත්‍රපට අධ්‍යක්‍ෂවරුන් සමග එක්ව කටයුතු කිරීම විශේෂත්වයක්.



යුරෝපා සංගමය සහ දකුණු කොරියාව කොරෝනා ඖෂධයක් රැස් කරයි
Saturday, 30 May 2020 - 10:32

කොරෝනා වෛරස් ආසාදිත රෝගීන්ට ලබාදීමේදී සාර්ථක ප්‍රතිඵල අත්කර... Read More

මිරිස්ස ධීවර වරාය අසළ වෙඩි තැබීමක්
Saturday, 30 May 2020 - 9:58

වැලිගම - මිරිස්ස ධීවර වරාය ආසන්නයේ දී අද පෙරවරුවේ සිදුවූ වෙඩි... Read More

ඉන්දියාවේ කොරෝනා අසාදිතයින් සහ මරණ නැවතත් වාර්තාගත ලෙස ඉහළට
Saturday, 30 May 2020 - 9:37

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා අසාදිතයන්... Read More