ජනපති බුද්ධගයාවට.

Sunday, 27 January 2013 - 13:06

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%9C%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබන පෙබරවාරි 8 වැනිදා ඉන්දියාවේ - බිහාර් ප්‍රාන්තයේ පිහිටි බුද්ධගයාවේ සංචාරයක නිරත වන බව ඉන්දු - ආසියානු ප්‍රවෘත්ති සේවය වාර්තා කළා. ගෞතම බුදුන් බුද්ධත්වය ලැබූ බුද්ධගයාවට මෙන්ම, මහාබෝධී විහාරස්ථානයට ද ජනාධිපතිවරයා පැමිණීමට නියමිත බවයි එමගින් සඳහන් කළේ. ජනාධිපතිවරයා ඉන්දීය බිහාර් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය නිටිෂ් කුමාර් ද මුණ ගැසීමට නියමිත බව අයි.ඒ.එන්.එස් වාර්තාවේ දැක්වෙනවා. බුද්ධගයාවේ වසර 1500 ක් පැරණි මහාබෝධී විහාරස්ථානය යුනෙස්කෝ සංවිධානය විසින් 2002 වසරේදී ලෝක උරුමයක් ලෙස නම් කළා.