විසඳුම් ප්‍රමාදයි. - ටී.එන්.ඒ. ජාත්‍යන්තරයට කියයි.

Sunday, 27 January 2013 - 18:30

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%92.+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය විපක්ෂ නායක ජූලි බිෂොප්ගේ ප්‍රධානත්වයෙන් යුත් එරට විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායමක් අද දිවයිනට පැමිණියා. දිවයිනට පැමිණි එම නියෝජිත කණ්ඩායම අද (27) උදෑසන දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් හමුවී සාකච්ඡාවක ද නිරත වී තිබෙනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ  ඕස්ට්‍රේලියානු සංක්‍රමණික ගැටලූව පිළිබඳව මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කෙරුණු බවයි.

[MP3]s52232[/MP3]

මෙම  ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු කණ්ඩායම හෙට දිනයේදී කිලිනොච්චියේ සංචාරයකට ද එක්වනු ඇති.  ඕස්ට්‍රේලියානු ලිබරල් පක්ෂයේ සංක්‍රමණික කටයුතු පිළිබඳ ප්‍රකාශක ස්කොට් මොරිසන් සහ දේශසීමා ආරක්ෂණය පිළිබඳ ප්‍රකාශක මහිකල් කීනන් ද එම කණ්ඩායමට ඇතුළත්.

මේ අතර, දිවයිනේ සංචාරය කරන ඇමෙරිකානු නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම්වරුන් තිදෙනා මේ වනවිට යාපනය ප්‍රදේශයේ සංචාරයකට එක්ව සිටිනවා. ඊයේ (26) ඔවුන් දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් සමග කොළඹ දී සාකච්ඡාවකට එක්වුණා. රටේ වර්තමාන තත්ත්වය, දේශපාලන විසඳුමක පමාව, සංහිඳියාව, නැවත පදිංචි කිරීම් සහ උතුරේ හමුදා පිළිබදව දෙමළ සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ආර්. සම්බන්ධයෙන් මෙහිදී ඇමරිකානු නියෝජිතයන්ට මෙහිදී කරුණු ඉදිරිපත් කළ බව සඳහන්. පාර්ලිමේන්තු මන්ත්‍රී සම්බන්ධන් ඇමරිකානු නියෝජිතයන් හමුවීම සඳහා ලෝක දෙමළ සංසදය, ජර්මනියේ බර්ලින් නුවර සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට සහභාගිවීම අවලංගු කළ බවයි වාර්තා වන්නේ. කෙසේ නමුත් ඔහු අද (27) දකුණු අප්‍රිකාව බලා යාමට නියමිතයි.



ලොව වයස්ගතම මිනිසා ජීවිතයෙන් සමුගනී (ඡායාරූප)
Thursday, 28 May 2020 - 22:15

ලොව වයස්ගතම මිනිසා වූ Bob Weighton මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර... Read More

මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතා කුමක් වුවද පළමුව ජනතාව යන ප්‍රතිපත්තිය අත්හළ නොහැකියි - ජනපති
Thursday, 28 May 2020 - 21:52

කොවිඩ් - 19 වසංගත අවදානමට ප්‍රජාව ගොදුරු නොවන බව සහතික කරනු... Read More

ඇඳිරි නීතිය කැඩූ යතුරුපැදිකරුට ලැබුණු දඩය
Thursday, 28 May 2020 - 21:12

පොලිස් අණ නොතකා නිරෝධායන ඇදිරිනීතිය කඩ කරමින් යතුරු පැදියක්... Read More