ගාස්තු සංශෝධනය ගැන බස් සංගම් යළිත් කඹ ඇදිල්ලක.

Sunday, 27 January 2013 - 18:49

%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B9+%E0%B6%87%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A.

මේ වසරේ පෙබරවාරි මාසයේ 14 වන දිනට යෙදී ඇති වාර්ෂික බස් ගාස්තු සංශෝධනයෙන් ලැබෙන ප්‍රතිශතයට ඞීසල් සහනාධාරයක් ලබාදෙන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඉල්ලා සිටිනවා. එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ ඉන්ධන සහානාධාරයක් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට යාමට සූදානම් වන බවයි.

[MP3]s52240_1[/MP3]

සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සම්මේලනය කියා සිටින්නේ මේ වසරේ පෙබරවාරි මස 14 වැනිදාට අනිවාර්ය බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතු බවයි. ඒ පිළිබදව අදහස් දක්වන එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත්.


[MP3]s52240_2[/MP3]

2002 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුකූලව මේ වසරේ පෙබරවාරි 14 වන දිනට බස් ගාස්තු සංශෝධනයක් විය යුතු අතර ඒ පිළිබදව ජාතික ගමනාගමන කොමිසම් සභාවෙන් විමසීමක් කළා. එහි සභාපති රොෂාන් ගුණවර්ධන කියා සිටියේ මෙවර සංශෝධනය පිළිබදව මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බවයි.