මාස 6 කට වරක් පොලීසිය වනෝද්‍යාන පරීක්ෂාවේ.

Monday, 28 January 2013 - 7:24

%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+6+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B6%B1%E0%B7%9D%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B7%9A.

වනෝද්‍යානවල සිදුවන අනවසර ක්‍රියා සොයාබැලීම සඳහා මාස 6 කට වරක් පොලීසිය යොදා ඒවා පරීක්ෂා කිරීමට කටයුතු කරන බව ගොවිජන සේවා සහ වනජීවී නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ පොලීසිය සහ වනජීවී නිලධාරීන් අතර ගැටළුවක් නොවන පරිදි ඒවා සිදුකිරීමට පියවර ගන්නා බවයි. උඩවලව වනෝද්‍යානයේ සිද්ධියත් සමග ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලා.

[MP3]s52251[/MP3]

ගැටළුව ආරම්භ වූයේ උඩවලව ජාතික වනෝද්‍යානයේ ගංජා හේන් කිහිපයක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වනජීවී ආරක්ෂක නිලධාරීන් විසින් පැහැරගෙන ගොස් ඇති බවට පොලීසිය ප්‍රකාශ කිරීමත් සමගයි. පසුගිය 23 වැනි දින මෙලෙස පැහැරගෙන ගොස් ඇති බවට වාර්තාවුණේ වලාන ඳුෂණ මර්ධන ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙක්. පසුව පැහැරගැනීමට ලක්වූ පොලිස් නිලධාරින් දෙදෙනා මුදා හැර තිබූ අතර පොලිස් දෙපාර්තමේන්තුව මෙන්ම වනජීවි දෙපාර්තමේන්තුවද සිද්ධිය පිළිබඳව වෙන වෙනම පරීක්ෂණ ආරම්භ කලා.

කෙසේ වෙතත් උඩවලව ජාතික වනෝද්‍යානය තුළදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වනජීවි නිලධාරීන් භාරයට ගැනීමේ සිද්ධිය නිසා තමන්ට පොලීසියෙන් විවිධ හිරිහැර සිදුවන බව වනජීවි නියාමක නිලධාරීන්ගේ සංගමය ඊයේ ප්‍රකාශ කළා. ඊට අදාළව ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමටද සූදානම්.



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 21:20

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548ක් දක්වා... Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයන ජනපති කොමිසමේදී අද හෙළිවූ දේ (වීඩියෝ)
Friday, 29 May 2020 - 21:02

පාස්කු ඉරිදා ප්‍රහාර එල්ලකළ සහරාන් ඇතුළු බෝම්බකරුවන් සිව්දෙනෙකුගේම... Read More

කප්පම් නොලැබුනු නිසා ආපන ශාලාවකට වෙඩි ප්‍රහාරයක් (වීඩියෝ)
Friday, 29 May 2020 - 20:44

මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට වෙඩි ප්‍රහාරයක්... Read More