ඊජිප්තුවට හදිසි තත්ත්වයක්.

Monday, 28 January 2013 - 7:33

%E0%B6%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.



පුද්ගලයන් 74 දෙනෙකු මරුමුවට පත් කරමින් ඊජිප්තුවේ පෝට් සේඞ් පාපන්දු ක්‍රීඩාංගණයේ පසුගිය වසරේ ඇතිවූ ගැටුමට සම්බන්ධ පුද්ගලයන් 21 දෙනෙකුට මරණ දඩුවම නියම කිරීමත් සමග ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයන් 33 දෙනෙකු මියගොස් තිබෙනවා.   මෙම ගැටුම් නිසා පෝට් සේඞ්, සූවස් සහ ඉස්මලියා නගරවල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ඊජිප්තු ජනාධිපති මොහොමඞ් මොර්සි ඊයේ තීරණය කළා. එම නගරවල ඉදිරි දින 30 තුළ රාත්‍රී 9 සිට පෙරවරු 6 දක්වා ඇදිරි නීතියද ක්‍රියාත්මකයි.