ශ්‍රී ලංගම බසයක නයි, පිඹුරන් සහ රිළවු.

Monday, 28 January 2013 - 12:41

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B6%E0%B7%83%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B1%E0%B6%BA%E0%B7%92%2C+%E0%B6%B4%E0%B7%92%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B7%92%E0%B7%85%E0%B7%80%E0%B7%94.

බස් රථයක් තුළ නයි කිහිප දෙනෙකු සහ රිළවෙකු නිදැල්ලේ හැසිරීම නිසා මගීන් පිරිසක් දැඩි අපහසුතාවයකට ලක්වූ පුවතක් මහනුවර - ගලගෙදරින් අද වාර්තාවුණා.
මහනුවර සිට කුරුණෑගල බලා ධාවනය වූ මෙම ශ්‍රී ලංගම බස් රථයේ සිටි මගීන් පිරිසක් ගලගෙදර පොලීසිය ඇමතුවේ බස් රථයේ සර්පයන් සහ රිළවුන් නිදැල්ලේ හැසිරීම නිසා තමන්ට ජීවිත තර්ජනයක් පවතින බව ප්‍රකාශ කරමින්. ඊයේ රාත්‍රියේ මෙම තොරතුර වාර්තාවීමත් සමග ගලගෙදර පොලීසියේ නිලධාරීන් බස් රථය තමන් භාරයට ගත්තා. එහිදී ඔවුන් දුටුවේ අහිකුන්ඨික පුද්ගලයන් සිව් දෙනෙකු සතු වූ නයි, පිඹුරන් සහ රිළවෙකු මෙලෙස හැසිරීම නිසා ජනතාව අපහසුතාවයට පත්ව ඇති බවයි. අධිකව බීමතින් සිටි නිසා මෙම සතුන්ගේ භාරකරුවන්ට සර්පයන් සහ රිළවා පාලනය කරගැනීමට නොහැකිවී තිබෙනවා. පොලිස් නිලධාරීන් මහත් පරිශ්‍රමයකින් පසු බස් රථයේ නිදැල්ලේ සිටි නයි 9 දෙනෙකු, පිඹුරන් දෙදෙනෙකු සහ රිළවා තමන් භාරයට ගත්තා. ඔවුන් භාරව සිටි අහිකුන්ඨික පුද්ගලයන් සිව්දෙනාද අත්අඩංගුවට ගත් බවයි ගලගෙදර පොලීසිය ප්‍රකාශ කළේ.

rn

 



සමගි ජන බලවේගය විගනකාධිපති හමුවෙයි
Tuesday, 26 May 2020 - 13:09

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අද විගනකාධිපතිවරයා... Read More

වැල්ලම්පිටියේ පරිප්පු සැකසුම් ගබඩාවක විශාල ගින්නක්
Tuesday, 26 May 2020 - 13:03

වැල්ලම්පිටිය - වෙන්නවත්ත ප්‍රදේශයේ පරිප්පු සැකසුම් ගබඩාවක... Read More

දිවයින පුරා ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ, දුම්රිය 31ක් කොළඹට - පෞද්ගලික බස් ධාවනය සියයට 20යි
Tuesday, 26 May 2020 - 12:58

කොළඹ සහ ගම්පහ ඇතුළු දිවයින පුරා පනවා තිබූ ඇඳිරි නීතිය අද අලුයම... Read More