ඉන්දු - ශ්‍රී ලංකා මුහුදු සීමා යළි ඇදේ.

Monday, 28 January 2013 - 12:54

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%87%E0%B6%AF%E0%B7%9A.


ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පෝක් සමුද්‍ර සන්ධියේ මුහුදු සීමාවන් යළි සකස් කිරීමට දෙපාර්ශවය අතර එකඟතාවයක් ඇතිවී තිබෙන බව ඉන්දීය අමාත්‍යවරයෙකු ප්‍රකාශ කළා. ඉන්දීය රාජ්‍ය අමාත්‍යවරයෙකු වන වී. නාරායනසාමි ප්‍රකාශ කළේ එමගින් දෙරටේ ධිවරයන් මුහුදු සීමා ඉක්මවීමේ ගැටළුවට විසඳුමක් ලබාගත හැකි බවයි. අදාල යෝජනාව ක්‍රියාත්මක කිරීම දැන් අවසන් අදියරයේ පවතින බවයි ඔහු සඳහන් කර ඇත්තේ. දෙරටේ ධීවර ගැටලූ පිළිබඳව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් ශ්‍රී ලංකාව සමග සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වූ බවයි හින්දු පුවත්පත අනාවරණය කළේ. එමෙන්ම කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයද ලක් රජය සමග මේ පිළිබඳව සාකච්ඡා පවත්වා තිබෙනවා. ඉන්දු - ලංකා ධීවර සීමාවන් පිළිබඳ එකඟතාව සම්පූර්ණ කිරීම සඳහා දෙරටේ ධීවරයන්ගෙන්ද කරුණු විමසා ඇති බව සඳහන්. එකඟතාව සාර්ථක කරගැනීම සඳහා තමිල්නාඩු රජයේද සහයෝගය අපේක්ෂා කරන බව ඉන්දීය අමාත්‍ය නාරායනසාමි සඳහන් කළා. තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා කියා සිටින්නේ 1974 වසරේදී ශ්‍රී ලංකාවට හිමිවූ පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටි කච්චතිව් දුපත යළි ඉන්දියාවට පවරා ගත යුතු බවයි. කච්චතිව් සීමාව ඉක්මවා ඉන්දීය ධීවරයන් නිරන්තරයෙන් ශ්‍රී ලංකා මුහුදු තීරයට පිවිසෙන බවට මෙරට ධීවරයන් චෝදනා කරනවා.

මේ අතර ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාව තුළ නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට විරෝධය පළ කරමින් උතුරේ ධීවරයින් ඊයේ මන්නාරම මුල්ලිකුලම් වෙරළ තීරයේ සිට පා ගමනක නිරතවනවා.


මුලතිව් නගරය දක්වා කිලෝමීටර් 590 ක දුරක් ඔවුන් මෙලෙස පා ගමනේ නිරතවන අතරතුර අත්සන්  එකතු කිරීමේ ව්‍යාපාරයක්ද ආරම්භ කර ඇති බවයි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. පා ගමනට එක්ව සිටින යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් වූ සංවිධානයේ අධ්‍යක්ෂක එච්.එම්. වෂීර් හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් දක්වා සිටියා.

[MP3]s52282[/MP3]