ඇමරිකානු නියෝජිතයන් විපක්ෂ නායකවරයා හමුවෙයි.

Monday, 28 January 2013 - 18:48

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

දිවයිනට පැමිණ සිටින ඇමෙරිකානු නියෝජිතයින් අද (28) පස්වරුවේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මුණ ගැසුණා. ඒ, කොළඹ නගරාධිපති නිළ නිවසේදියි. මෙහිදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ. එමෙන්ම උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් ද මෙහිදී ඇමරිකානු නියෝජිතයින් සහ විපක්ෂ නායකවරයා අතර පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙනවා. එමෙන්ම හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව ගෙන එන ලද දෝෂාභියෝගය සහ එය විමර්ශනය කළ ආකාරය සම්බන්ධයෙන් ඇමරිකානු නියෝජිතයින් විපක්ෂ නායකවරයාගෙන් විමසා ඇති බවයි එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය සඳහන් කළේ. එමෙන්ම මේ දිනවල මෙරටින් වාර්තා වන ආගමික ගැටළු පිළිබදව ද ඇමරිකානු නියෝජිතයන් විපක්ෂ නායකවරයාගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

 

විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය මෙරට පාලන බලය ලබාගතහොත් ජාතික ගැටළුවට විසදුම් ලබාදෙන්නේ කුමන ආකාරයෙන් ද යන්න සහ මානව හිමිකම් නැංවීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග පිළිබදව ද මෙහිදී ඇමරිකානු නියෝජිතයන් විපක්ෂ නායකවරයාගෙන් විමසනු ලැබුවා.  

 

මෙම සාකච්ඡාවට ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයෙකු වන ජේන් ආර් මුවර් සහ දකුණු හා මධ්‍යම ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා කම්කරු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ජේම්ස්.බී.සිමර්මන් සහභාගි වී සිටියා. නමුත් දකුණු හා අග්නිදිග ආසියානු ආරක්ෂක කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් වික්‍රම් ජේ.සිං මෙම සාකච්ඡාවට එක්ව සිටියේ නැහැ. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි ජාත්‍යන්තර කටයුතු ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක ද එක්ව සිටියා.

 



පසුගිය 26 වැනිදා දිවයිනට පැමිණි මෙම ඇමරිකානු නියෝජිත පිරිස ඊයේ (27) යාපනය ප්‍රදේශයේ සංචාරයක ද නිරත වුණා. එහිදී යාපනයේ ආරක්ෂක තත්ත්වය සහ සංවර්ධනය සම්බන්ධයෙන් යාපනයේ ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ සමග සාකච්ඡා කර තිබෙනවා. ඒ පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය වෙත පැහැදිලි කළ යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය.

 

[MP3]s52309[/MP3]                                                           

 

මීට අමතරව ඇමරිකානු නියෝජිතයන් ඊයේ (27) දිනයේ දී දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් ද හමු වුණා.  

 

මේ අතර, මෙරට සංචාරයක නිරත  ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය විපක්ෂ නායක ජූලි බිෂොප්ගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු කණ්ඩායම අද (28) යාපනයේ සංචාරක නිරත වනවා. එහිදී මොවුන් දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් ද හමුවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



මරණය ජයගත් කිම්, අන් රටවලට අනතුරු අඟවමින් න්‍යෂ්ඨික අවි හදිසි සාකච්ඡාවක් පවත්වයි
Monday, 25 May 2020 - 10:56

ලෝකයේම අවධානය යොමුවූ, මිය ගියා යැයි පැවසෙන උතුරු කොරියානු... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Monday, 25 May 2020 - 10:50

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළට
Monday, 25 May 2020 - 10:48

ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව මේ වන විට 4,024ක් ඉකමවා තිබෙනවා.ඒ... Read More