සරත් ෆොන්සේකා අද මැතිවරණ කොමසාරිස්වරයා හමුවේ.

Tuesday, 29 January 2013 - 7:36

%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A.


නිට්ටඹුව - කලගෙඩිහේන ප්‍රදේශයේ තිබි සොයා ගත් ඡන්ද පත්‍රිකා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක සරත් ෆොන්සේකා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය අද (29) හමුවීමට නියමිතයි. පසුගිය 2010 ජනාධිපතිවරණයේ දී නුවරඑළිය මැතිවරණ කාර්යාලය විසින් නිකුත් කරනු ලැබූ හංසයා ලකුණට කතිරය ගැසූ ඡන්ද පත්‍රිකා 430ක් කලගෙඩිහේන මහා විද්‍යාලය අසල තිබී සොයා ගනු ලැබුවේ පසුගිය 23 වැනිදායි. 2010 ජනාධිපතිවරණයේ දී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හංසයා ලකුණ යටතේ සරත් ෆොන්සේකා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුණා. කෙසේ වෙතත්, මෙම ඡන්ද පත්‍රිකා අදාළ පාසල අසල තිබුණේ කෙසේ දැයි පරීක්ෂණ පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙස අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය ඊයේ (28) නිට්ටඹුව පොලීසියට නියෝග කර තිබෙනවා.