ඇමති චම්පිකට විදුලිය අහිමිවීම පිටුපස ඉන්දියාව. - එජාපය.

Tuesday, 29 January 2013 - 12:32

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%83+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80.+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධුරයෙන් පාඨලී චම්පික රණවක ඉවත් කර ඇත්තේ ඉන්දියාවේ බලපෑම නිසා බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළා. කොළඹ අද (29) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම චෝදනාව එල්ල කළේ එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකයි.  

 

[MP3]s52350_1[/MP3]                                                                      

 

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණ ද ඔවුන්ගේ පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අද (29) කැඳවා තිබුණේ ඊයේ (28) සිදුවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබද අදහස් දැක්වීම සඳහායි. එහිදී අදහස් දැක්වූ එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ මෙවර අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කර ඇත්තේ විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවයි.

 

[MP3]s52350_2[/MP3]                                                                      


ඊයේ (28) සිදුවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබදව රජයේ ස්ථාවරය දැන ගැනීම සඳහා නිමල් සිරිපාල ද සිල්වා, මෛත්‍රීපාල සිරිසේන, ඩලස් අලහප්පෙරුම සහ පාඨලී චම්පික රණවක යන අමාත්‍යවරුන් දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට හිරු ප්‍රවෘත්ති අංශය උත්සාහ කළා. එහෙත් එය ව්‍යර්ථ වුණේ ඔවුන් දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.