ගෙන එන්නේ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් නොවේ. - ඇමරිකාව.

Tuesday, 29 January 2013 - 12:35

%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A.+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80.

මාර්තු මාසයේ පැවැත්වෙන ජගත් මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකාවට එරෙහි වාර්තාවක් නොවන බව ඇමරිකාව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශක ක්‍රිස්ටෝපර් කීල් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අදාළ වාර්තාව මෙරට සංහිඳියාව සඳහා වැදගත් වන වාර්තාවක් බවයි.

 

[MP3]s52352[/MP3]                                                                 

 

කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය රැසක් අද (29) වාර්තා කර තිබුණේ මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාවට එරෙහි වාර්තාවක් ඉදිරිපත් කරන බවටයි. ශ්‍රී ලංකාවේ දැනට සංචාරයක නිරත ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයෙකු වන ජේන් ආර් මුවර් සිදුකළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් විදෙස් මාධ්‍ය එම අදහස් පළ කර තිබුණා. මානව හිමිකම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් මෙන්ම හිටපු අගවිනිසුරුවරියට එරෙහිව ක්‍රියාත්මක වූ දෝෂාභියෝගය ද ඊට පදනම් කර ගන්නා බවයි ඔහු සදහන් කළේ යැයි එම වාර්තාවල දැක්වුණා.

 
මේ අතර, මෙරට සංචාරයක නිරත වන ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරුන් තුන් දෙනා අද සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවීමට නියමිතයි. ඔවුන් මීට පෙර උතුරේ සංචාරයක නිරත වූ අතර දෙමළ සන්ධාන සහ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් සමග ද සාකච්ඡා කළා.