කන්ගැට්ටාගෙන් පැය දෙකක පාපොච්චාරණයක්.

Tuesday, 29 January 2013 - 19:03

%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ජාතික කෞතුකාගාර සොරකමේ ප්‍රධාන සැකකරු වන ලංසගේ ප්‍රියන්ත මේදිස් හෙවත් කන්ගැට්ටා අද (29) කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පැය දෙකක පාපොච්චාරණයක් කළා. මහේස්ත්‍රාත් නිල මැදිරියේ කළ මෙම පාපොච්චාරණයේදී කන්ගැට්ටා නැමැත්තා තමන් එදා මෙදාතුර සිදුකළ අපරාධ සම්බන්ධයෙන් හෙළිදරව් කර ඇතැයි වාර්තා වනවා.

කෞතුකාගාර සොරකම සිදුවූයේ පසුගිය වසරේ මාර්තු 16 වැනිදායී. එහිදී රන්කාසී, මුදල් නෝට්ටු, කඩු, මුදු, සැරයටි මෙන්ම නුගවෙල අදිකාරම්ගේ බඳ පටියද සොරාගෙන තිබුණා. ප්‍රධාන සැකකරුව අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසියට හැකිවූයේ පසුගිය ඔක්තෝම්බර් මස 27 වැනිදා මීගමුව ප්‍රදේශයේ සිටියදීයි.

අධිකරණයේ අවසරය ලැබුණු පසු සොරකම් කළ භාණ්ඩවල විනාශ කර ඇති කොටස් යළි පැවති අයුරින්ම සකස් කිරීමේ හැකියාවක් පවතින බව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය කියා සිටියා.

[MP3]s52371[/MP3]