මැතිවරණ කොමසාරිස්වරයා ජනතාවගෙන් සමාව ඉල්ලයි.

Tuesday, 29 January 2013 - 19:20

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

2010 ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා කලගෙඩිහේන ප්‍රදේශයේ තිබී සොයාගැනීම, මැතිවරණයේ නීත්‍යානුකූල නොවන තත්ත්වයක් හෝ අවිධිමත් සිදුවීමක් නොවන බව මැතිවරණ කොමසාරිස්වරයා අද (29) අවධාරණය කළා.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ අද (29) මැතිවරණ කොමසාරිස්වරයා හමුවුණේ නිට්ටඹුව - කලගෙඩිහේන ප්‍රදේශයේ තිබි සොයා ගත් ඡන්ද පත්‍රිකා සම්බන්ධයෙන් කරුණු විමසීමටයි. ඔවුන් එහිදී තම පක්ෂයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් ද සාකච්ජා කළා. සාකච්ජාවේදී මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇත්තේ මැතිවරණ කටයුතු අවසන් වී කලකට පසු මෙම ඡන්ද පත්‍රිකා විනාශ කිරීමට කොළඹට රැගෙන එන අවස්ථාවේදී ප්‍රවාහනය කළ ලොරියෙන් ඡන්ද පත්‍රිකා මිටියක් වැටී ඇති බවට සැක කෙරෙන බවයි. එසේම පක්ෂ ලියාපදිංචිය සම්බන්ධයෙන් ඔහු අවශ්‍ය අවවාද සරත් ෆොන්සේකාට ලබාදී තිබෙනවා. ඒ පිළිබඳව අදහස් දක්වන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක සරත් ෆොන්සේකා.

[MP3]s52374_1[/MP3]

2010 ජනාධිපතිවරණයේ දී නුවරඑළිය මැතිවරණ කාර්යාලය විසින් නිකුත් කරනු ලැබූ හංසයා ලකුණට කතිරය ගැසූ ඡන්ද පත්‍රිකා 430 ක් කලගෙඩිහේන මහා විද්‍යාලය අසල තිබී සොයා ගනු ලැබුවේ පසුගිය 23 වැනිදායි. 2010 ජනාධිපතිවරණයේ දී හංසයා ලකුණ යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සරත් ෆොන්සේකා මැතිවරණයට ඉදිරිපත් වුණා. මෙම ඡන්ද පත්‍රිකා අදාළ පාසල අසල තිබුණේ කෙසේ දැයි පරීක්ෂණ පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙස අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය ඊයේ නිට්ටඹුව පොලීසියටද නියෝග කළා.

කෙසේ වෙතත්, අද පැවති සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ඒ පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසක්.

[MP3]s52374_2[/MP3]                        

ඡන්ද පත්‍රිකා විනාශ කිරීම සඳහා කොළඹට රැගෙන එන අවස්ථාවේ යම් නිලධාරියෙකුගෙන් වරදක් සිදුව ඇත්නම් ඒ වෙනුවෙන් මැතිවරණ දෙපාර්තමේන්තුවට සිදුවු අපහසුතාවය පිළිබඳව සමාව අයදින බවද ඔහු ප්‍රකාශ කළා.
 
[MP3]s52374_3[/MP3]            



මුන්දලමේදී නිවසකට වෙඩි තැබූ පුද්ගලයෙකු සොයා පරීක්ෂණ
Thursday, 04 June 2020 - 9:59

මුන්දලම - කිරිමට්ටාව ප්‍රදේශයේ නිවසකට වෙඩි තබා පලාගිය බව... Read More

සන්ෂයින් සුද්දාට වෙඩි තැබීම මෙහෙයවා ඇත්තේ චින්තක හෙවත් හරක් කටා බවට තොරතුරු
Thursday, 04 June 2020 - 9:33

මාතර - මිදිගම ප්‍රදේශයේදී මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු වූ අමිල... Read More

යළ කන්නයේ වී වගාවත් සමඟ කොළඹ ඇතුලු ප්‍රදේශ රැසක මී උණ රෝගය ව්‍යාප්තවීමේ ඉහළ අවදානමක්
Thursday, 04 June 2020 - 9:06

යළ කන්නයේ වී වගා කටයුතු ආරම්භ වීමත් සමඟ කොළඹ ඇතුලු ප්‍රදේශ... Read More