ඇමරිකානු සෙනෙට් සභිකයන්ගෙන් ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා.

Wednesday, 30 January 2013 - 12:42

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.

යුද අපරාධ පිළිබඳ ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍ය බව ඇමරිකානු සෙනෙට් මණ්ඩල සභිකයන් දෙදෙනෙකු ප්‍රකාශ කර තිබෙනවා. ඇමරිකානු සෙනෙට් මණ්ඩලය නියෝජනය කරන ඩිමොක්‍රටික් සභිකයන් දෙදෙනෙකු වන පැට්රික් ලීහි සහ බොබ් කේසී යන දෙදෙනා මෙම ඉල්ලීම කර ඇති බවයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේ. ඔවුන් ඊට අදාළ යෝජනාව  ඇමරිකානු රාජ්‍ය ලේකම් ධුරය දැරූ හිලරි ක්ලින්ටන් වෙත ඉදිරිපත් කර තිබෙනවා. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව, ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් කාලසීමාව සහ පසුගියදා අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන්ද ඔවුන් සිය ලිපිය මගින් පෙන්වා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. සෙනෙට් සභික පැට්රික් ලීහි 1974 වසරේ සිට එරට සෙනෙට් සභාව නියෝජනය කරන අතර, ඔහු ඇමරිකාවේ ලාබාලතම සෙනෙට් සභිකයා ලෙස ද සැලකෙනවා. එමෙන්ම මෙම සෙනෙට් සභිකයන් දෙදෙනා ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමාගේ ප්‍රධාන උපදේශකයන් දෙදෙනෙකු බවද සඳහන්.

 

මේ අතර, ජීනිවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව මීට පෙර ගත් තීරණය මෙවර ද ක්‍රියාත්මක කරන ලෙස තමිල්නාඩු හිටපු මහ ඇමති, ඞී.එම්.කේ. පක්ෂ නායක එම්. කරුණානිධි ඉල්ලීමක් කර තිබෙනවා. තමිල්නාඩු රූපවාහිණී සේවාවක් සමග සාකච්ජාවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කර ඇත්තේ. පසුගිය වසරේ මානව හිමිකම් සමුළුවෙන් පසු මෙතෙක් ශ්‍රී ලංකාව සාර්ථක ප්‍රතිඵල ලබාගෙන නොමැති නිසා ඉන්දියාව මෙවර සමුළුවට ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන යෝජනාවට සහය දිය යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.

 

කෙසේ වෙතත්, විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් හම්බන්තොට ප්‍රදේශයේ පසුගියදා පැවති උත්සවයකට එක්වෙමින් සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවට එල්ල වන මානව හිමිකම් අභියෝග සඳහා පිළිතුරුදීමට ක්‍රියාකාරී ප්‍රායෝගික වැඩපිළිවෙලක් ශ්‍රී ලංකාව සතු බවයි.

 
[MP3]s52412[/MP3]