A/L ජීව විද්‍යා සහ ගණිත අංශයේ පළමු තැන හම්බන්තොට වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයට.

Thursday, 31 January 2013 - 7:49

A%2FL+%E0%B6%A2%E0%B7%93%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%9C%E0%B6%AB%E0%B7%92%E0%B6%AD+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%9A%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7.

2012 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් සහ ගණිතය යන අංශ දෙකෙන්ම දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් දෙදෙනෙක්. ඊයේ රාත්‍රියේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට එක්කෙරුණා. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකියි. අද දිනයේදී ප්‍රතිඵල පාසල්වලට ලබාදීමට කටයුතු කරන බවයි විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ජීව විද්‍යා අංශයෙන් සහ ගණිතය අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථාන හිමිකරගත් සිසුන් දෙදෙනා සම්බන්ධ කරගැනීමට හිරු ප්‍රවෘත්ති අංශය සමත්වුණා. ජීව විද්‍යා අංශයෙන් ප්‍රථම ස්ථානය හිමිකරගත් කසුන් ලක්මාල් හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස  තමන් ලබාගත් ජයග්‍රහණය පිළිබඳව අදහස් පළ කළා.

[MP3]s52450_1[/MP3]

ගණිතය අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථාන හිමිකරගත්තේද හම්බන්තොට වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයේ රුසිරු ගාම්භීරආරච්චි යන සිසුවායි. මේ ඔහු ලබාගත් ජයග්‍රහණය පිළිබඳව පළකළ අදහසයි.

[MP3]s52450_2[/MP3]

හම්බන්තොට වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති අතුල විජේවර්ධන නානායක්කාර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කරමින් කියා සිටියේ දිවයිනේ ප්‍රථම ස්ථාන දෙකක් ලබාගැනීම තම විද්‍යාලයට හිමිවූ ස්වර්ණමය අවස්ථාවක් බවයි.

[MP3]s52450_3[/MP3]
 
2012 වසරේ අගෝස්තු මස 06 දින ආරම්භ වූ අපොස උසස් පෙළ විභාගය සඳහා නව විෂය නිර්දේශය යටතේ සිසුන් දෙලක්ෂ 36,025 ක් සහ පැරණි නිර්දේශය යටතේ සිසුන් 41,676 ක් මෙවර විභාගයට පෙනී සිටියා. විභාග මධ්‍යස්ථාන 2093 කදී උසස් පෙළ විභාගය පැවැති අතර අධීක්ෂණ කටයුතු සඳහා ගුරුවරුන් 14,000 ක් යොදවා තිබුණා.



රාජ්‍ය පොසොන් උත්සවයට ජනපති එක්වෙයි (වීඩියෝ)
Friday, 05 June 2020 - 21:14

මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් රාජ්‍ය... Read More

කාර්යාල දුම්රිය 49ක් සමග දුම්රිය ගමනාගමනය සඳුදා සිට සාමාන්‍ය පරිදි
Friday, 05 June 2020 - 21:03

ලබන සඳුදා (08) සිට කාර්යාල දුම්රිය 49ක් ඇතුළුව අනෙකුත් දුම්රිය... Read More

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා (වීඩියෝ)
Friday, 05 June 2020 - 20:46

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී... Read More