බ්‍රිතාන්‍ය පොදු රද මඩුලූ ඇමති දිවයිනට.

Thursday, 31 January 2013 - 7:58

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B6%AF+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.

බ්‍රිතාන්‍ය විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලයේ කටයුතු පිලිබඳ අමාත්‍ය  ඇලෙක්ස්ටෙයාර් බර්ඩ් අද අලූයම දිවයිනට පැමිණියා. ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අද අලූයම 3.20ට පමණ මොහු දිවයිනට පැමිණි බවයි. මොහුත් සමග තවත් නියෝජිතයන් දෙදෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. රාජ තාන්ත්‍රික වශයෙන් දෙරටට බලපානු ලබන කරුණු රැසක් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය විදේශ හා පෙදු රාජ්‍ය මණ්ඩල කටයුතු පිළිබඳ අමාත්‍යවරයා මෙරට රජයේ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි විදේශ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය කරුණාතිලක අමුණුගම සඳහන් කළේ. විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල පශ්චාත් යුද සමය තුළ සිදුකරන ලද සංවර්ධන ක්‍රියාදාමය පිළිබඳ ශ්‍රී ලංකා රජය පාර්ශවයෙන්, බ්‍රිතාන්‍ය රජය දැනුවත් කිරීමට මෙම හමුවේදී බලාපොරොත්තු වන බව විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.

මීට  අමතරව ඉදිරියේදී මෙරට පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ. ඔහු දිවයිනේ රැඳී සිටින කාලය තුළ රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් කිහිප දෙනෙක් සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා තවදුරටත් කියා සිටියේ.



නාවික හමුදාවේ පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 426 දක්වා ඉහලට
Thursday, 04 June 2020 - 10:40

නාවික හමුදාවේ පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 426 දක්වා ඉහලගොස් තිබෙනවා.ඒ... Read More

ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට එළඹෙන සඳුදා සිට ලැබෙන විශේෂ සහනය
Thursday, 04 June 2020 - 10:36

ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට ලක්ෂ 6 බැගින් ද ෆිනෑන්ස් සමාගම... Read More

ආදායම් බදු, දඩ සහනයට ජනපති කළ යෝජනාවට කැබිනට් අනුමැතිය
Thursday, 04 June 2020 - 10:24

කොරෝනා වෛරසය හේතුවෙන් රට වසා තිබූ කාලය තුළදී එනම් 2020 ජුනි මස... Read More