මැරතන් තරඟයක් අතරතුර පාසල් සිසුවියක් මරුට.

Thursday, 31 January 2013 - 12:39

%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

හලාවත ආනන්ද ජාතික පාසලේ සිසුවියක් අද හදිසියේම ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ මැරතන් තරඟය සඳහා එක්ව සිටියදියි මෙම සිසුවිය හදිසියේම රෝගාතුරවී ඇත්තේ. පාසලේ ගුරුවරුන් එක්වී පසුව ඇය හලාවත රෝහලට ඇතුළත් කර තිබෙනවා. කෙසේ වෙතත් රෝහලට ගෙනයන අවස්ථාවේදී සිසුවිය මියගොස් සිටි බවයි හලාවත රෝහලේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. ඇය මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හලාවත රෝහලද සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ හලාවත - ආනන්ද ජාතික පාසලේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවක්.

 

මෙම අවාසනාවන්ත සිද්ධියෙන් පසු මියගිය ශිෂ්‍යාවගේ මව හිරු ප්‍රවෘත්ති අංශයට මෙසේ අදහස් පළ කළා.

 

[MP3]s52477_1[/MP3]

 

මියගිය ශිෂ්‍යාවගේ නැගණියද හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කළා.

 
[MP3]s52477_2[/MP3]