කොළඹ මහ නගර සභාවේ තනතුරු නාම වෙනසක් හා සේවක කප්පාදුවක්.

Thursday, 31 January 2013 - 12:42

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

කොළඹ මහ නගර සභාවේ සේවකයින් රැසකගේ තනතුරු නාම සහ සේවක සංඛ්‍යාව අඩු කිරීම හේතුවෙන් එහි පරිපාලන කටයුතුවලට බාධා එල්ලවී ඇතැයි හිරු ප්‍රවෘත්ති අංශයට අනාවරණය වුණා. මේ පිළිබඳව අප එහි නියෝජ්‍ය නගරාධිපති ටයිටස් පෙරේරාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ බස්නාහිර පළාත් සභාව විසින් මෙම තීරණය ගෙන ඇති බවයි. කොළඹ මහ නගර සභාවේ සේවකයින් 12000 කට ආසන්න සංඛ්‍යාවක් සේවයේ නිරතවී සිටි අතර නව තීරණයට ඔවුන්ගේ දැඩි විරෝධය එල්ලවී තිබෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලබන 5 වැනිදා විශේෂ මහ සභා රැස්වීමක්ද කැඳවා ඇති බවයි නියෝජ්‍ය නගරාධිපති ටයිටස් පෙරේරා ප්‍රකාශ කළේ.

 

[MP3]s52478_1[/MP3]              

 

අප මේ පිළිබඳව බස්නාහිර පළාත් පාලන කොමසාරිස් චන්ද්‍රානි සමරකෝන්ගෙන් විමසීමක් කළා. වැටුප් හා සංඛ්‍යාන කොමිසමේ සහ කළමනාකරන සේවා දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමකට අනුව මෙය සිදුකර ඇති බවයි කොමසාරිස්වරිය සඳහන් කළේ.  

 
[MP3]s52478_2[/MP3]