මෙවරත් ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහි වෙතැයි ඇමරිකාව විශ්වාසයෙන්.

Thursday, 31 January 2013 - 12:45

%E0%B6%B8%E0%B7%99%E0%B7%80%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.

ශ්‍රී ලංකාවට එරෙහිව තමන් ගෙන එන යෝජනාවට ඉන්දියාව සහය පළ කරනු ඇතැයි ඇමරිකාව විශ්වාසය පළ කරන බව ද හින්දු පුවත්පත වාර්තා කළා. ලබන මාර්තු මාසයේ ජිනීවා නුවරදී පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව යළි යෝජනාවක් ගෙන ඒමට සැරසෙනවා. ඒ බව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඇමරිකා එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ජේම්ස් මුවර් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. එමගින් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ලක් රජය දිරිමත් කිරීමට අපේක්ෂා කරන බවයි ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළේ.

 

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට එරෙහිවීම සම්බන්ධයෙන් ඉන්දියාව මෙතෙක් ඇමරිකාවට නිල ප්‍රතිචාරයක් දක්වා නැහැ. මීට පෙර 2012 වසරේ ජිනීවා නුවර පැවති ජගත් මානව හිමිකම් සැසිවාරයේදී ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනා යෝජනාවට ඉන්දියාව සහය පළ කළා. එහිදී ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව ගෙන ආ යෝජනාව පක්ෂව රටවල් 24 ක් ඡුන්දය භාවිත කළ අතර විරුද්ව ඡුන්දය ප්‍රකාශ කළේ රටවල් 15 ක් පමණයි.



කොරෝනා වසංගතයෙන් පරිසර සංරක්ෂණයේ අගය, වටහා දෙන බව ජනපති පරිසර දින පණිවුඩයෙන් කියයි
Friday, 05 June 2020 - 7:34

ජගත් පරිසර දිනය අද සැමරෙනවා. මෙවර අප එය සමරන්නේ සොබාදහම සහ... Read More

බුත්තල ඓතිහාසික යුධගනාව රජ මහා විහාරයේ සිට
Friday, 05 June 2020 - 7:01

ශ්‍රී ලංකාවට බුදු දහමේ උරුමය හිමිවූ පොසොන් පුර පසලොස්වක පොහෝ... Read More

උතුම් පොසොන් පොහොය අදයි
Friday, 05 June 2020 - 6:46

ලක්දිව වැසියන් ශිෂ්ඨාචාරගත කරමින් සම්බුදු දහමේ මහිමය අපට... Read More