කලා, වානිජ සහ තොරතුරු තාක්ෂණයෙන් මුල් තැන කොළඹ දේවි බාලිකාවට.

Thursday, 31 January 2013 - 12:49

%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%2C+%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%A2+%E0%B7%83%E0%B7%84+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%92+%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.

2012 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව කලා, වානිජ සහ තොරතුරු තාක්ෂණය යන විෂය ධාරාවන්ගෙන් පළමු ස්ථානය දිනාගෙන ඇත්තේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් තිදෙනෙක්. කලා විෂය ධාරාවෙන් පළමු ස්ථානය දිනාගෙන ඇත්තේ එම විද්‍යාලයේ උපේක්ෂා සෙව්වන්දි නැමති ශිෂ්‍යාවයි. එම විද්‍යාලයේ ෂෙහාරා ගුණතිලක වානිජ විෂය ධාරාවේ පළමු ස්ථානය හිමිකරගෙන ඇති අතර තොරතුරු තාක්ෂණ විෂයේ පළමු ස්ථානය දේවි බාලිකා විද්‍යාලයේ සමලි ලියනගේ විසින් හිමිකරගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පැහැදිළි කරන දේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ඩබ්ලිව්. ඞී.පී.කේ. සමරසිංහ.

 

[MP3]s52480_1[/MP3]

 

ජීව විද්‍යා අංශයෙන් සහ ගණිතය යන අංශ දෙකෙන්ම දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුට හැකිවුණා.

 

ජීව විද්‍යා අංශයෙන් ප්‍රථම ස්ථානය හිමිකරගත් කසුන් ලක්මාල් තමන් ලද ජයග්‍රහණය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් දක්වා සිටියා.

 

[MP3]s52480_2[/MP3]

 

ගණිතය අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථාන හිමි කරගත් හම්බන්තොට වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයේ රුසිරු ගාම්භීරආරච්චි දැක්වූ අදහසයි මේ.

 

[MP3]s52480_3[/MP3]

2012 වසරේ අගෝස්තු මස පැවැත්වූ අපොස උසස් පෙළ විභාගය සඳහා නව විෂය නිර්දේශය යටතේ සිසුන් දෙලක්ෂ 36,025 ක් සහ පැරණි නිර්දේශය යටතේ සිසුන්  41,676 ක් පෙනී සිටියා.



මාස දෙකකට අධික කාලයකට පසු කොළඹ සහ ගම්පහ යළි විවෘත වෙයි
Tuesday, 26 May 2020 - 5:43

මාස දෙකකට අධික කාලයක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට පනවා... Read More

ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:40

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වයක් හේතුවෙන්... Read More

කටාර්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන්ට නවාතැන් දෙන්න එරට වැඩබලන තානාපතිට උපදෙස් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:15

විදේශ ශ්‍රමිකයන් පිරිසක් රැගෙන කටාර්හි සිට අද මෙරටට පැමිණීමට... Read More